Tuesday, September 13, 2016

Benedit Anderson – Imagined communities



chapter 3- Origine of National Conciousness

පරිකල්පිත ප්‍රජාව
පරිච්ඡේදය-3: ජාතික සවිඥ්ඥාණිකත්වයේ ආරම්භය


 මුද්‍රණය නම් වූ වෙළෙඳ නම් භාණ්ඩයේ දියුණුව, සමගාමීව සිදු වන නව අදහස්වලින් යුතු නූතන පරම්පරාවේ දොර විවර කරනා යතුර වුවත් තවමත් අප සිටින්නේ, තිරස්-අනුගාමික(horizontal- secular), හරස්-කාලීන(transverse- time) ප්‍රජාවක් සිටිනා තැන විය හැකිය. මන්ද යත්, මෙම වර්ගය තුළ ජාතිය ජනප්‍රියත්වයට පත්වීද? ඊට අදාළ සාධක පැහැදිළිව ම සංකීර්ණය. විවිධ ය. නමුත්, ධනවාදයේ ප්‍රමුඛතාව උදෙසා කිසියම් ප්‍රබල කාරණයක් නිර්මාණය කළ හැකිය. දැනටමත් සඳහන් කර ඇති පරිදි, වෝල්ටර් බෙන්ජමින්ගේ ඉලුම් හේෂන් පොතේ ‘යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘති ආරම්භය සනිටුහන් කරමින් 1500 වන විට අවම වශයෙන් පොත් 20 000 000 ක් මුද්‍රණය වී තිබුණි. අත් පිටපත් දැනුම ඉති මද සහ සුළු පිරිසකට පමණක් අවබෝධ වන දැනුමක් වී නම්, මුද්‍රණ දැනුම තිබූයේ ප්‍රත්‍යුත්පාදන දැනුම සහ ව්‍යාප්තිය සමඟ ය. ෆෙබ්ර(Febvre) සහ මාර්ටින්(Martin) විශ්වාස කරන අන්දමට වසර 1600 වන විට වෙලුම් 200 000 000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි. එබැවින් ෆ්‍රැන්සිස් බේකන් (Francis Bacon) විශ්වාස කළ ආකාරයට මුද්‍රණය ලෝකයේ පෙනුම සහ තත්වය වෙනස් කර තිබූ බව මවිතයට කරුණක් නොවේ. ධනපති ව්‍යපාරයේ මුල් ම ක්‍රමයක් වූ පොත් ප්‍රකාශනය ධනවාදයේ අසහනකාරී වෙළෙඳපොළ සොයා ගෙන ගියේ ය.
මුල් කාලීන මුද්‍රණකරුවන් යුරෝපය පුරා ශාඛා පිහිට වූහ. මේ අයුරින් සත්‍ය ලෙසට ම ජාතික සීමා නොසලකා හරින ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන බිහි විය. යුරෝපයේ කැපී පෙනෙන සමෘධිමත් යුගය වූ 1500- 1550 අතර කාලය පොත් ප්‍රකාශනයේ සශ්‍රීක ම අවධිය විය. වෙනත් යුගවලට වඩා එය ධනපතීන්ගේ පාලනයට නතු වූ දියුණු කර්මාන්තයක් විය. සාමාන්‍යයෙන් පොත් ප්‍රකාශකයෝ මූලික වශයෙන් ලාභ ඉපැයීම සහ නිෂ්පාදන විකිණීම කෙරෙහි අවධානය යොමු කළ අතර මුලින් ම සමකාලීනයින් වැඩි දෙනා ප්‍රිය කරන ප්‍රකාශන තෝරා ගත්හ. ආරම්භක වෙළෙඳපොළ වූයේ උගත් යුරෝපය යි. නැතහොත් ඉතා පුළුල් මෙන් ම ඉතාමත් තුනී ස්ථරයක ලතින් පාඨකයෝ ය. මෙම වෙළෙඳ පොළේ සන්තෘප්තිය රඳා පැවතුනේ වසර 150ක පමණ කාලයක ය. ලතින් භාෂාව පිළිබඳ නිර්ණය කරන ලද කාරණය නම් එය ද්වී භාෂකයින්ගේ භාෂාවක් යන්න ය. 16 වන සියවසේ ද්වි භාෂිකයින් සිටියේ යුරෝපයේ සමස්ථ ජන ගහනයෙන් ඉතාමත් අඩු ප්‍රමාණයකි. එය අද වන විට සමස්ථ යුරෝපයේ සිටින ද්වි භාෂික සමාජයටත් වඩා කුඩා ප්‍රමාණයකි. එකල වූයේ ඒකභාෂික භාෂණ සමාජයකි. ඒ අනුව, ධනවාදයේ න්‍යායෙන් අදහස් කෙරෙන්නේ වරක් උගත් ලතින් වෙළෙඳ පොළ මෙම ඒකභාෂික සමාජය විසින් නියෝජනය කරන දැවැන්ත වෙළෙඳ පොළ සන්තෘප්තියට පත් කළ බව ය.නියත වශයෙන් ම ප්‍රති ප්‍රොතෙස්තන්ත්‍ර (counter - reformat) ලතින් ප්‍රකාශනවලට තාවකාලිකව හෝ මනා පිටිවහලක් ලබා දුන්නත්, 17 වන සියවසේ මැද භාගය පමණ වන විට මේ ක්‍රමවේදය වේගයෙන් වියැකී යන්නට විය. ඒ සමග ම කතෝලික පුස්තකාල ඉතා උද්‍යෝගිදත් ලෙස සමෘධිමත් විය. මේ අතර, යුරෝපයේ ප්‍රබල මූල්‍යමය හිඟයක් නිසා මුද්‍රණකරුවෝ ලාභ මුද්‍රිත ප්‍රකාශන විකුණමින් ගෙයින් ගෙට යන ක්‍රමවේදයක් පිළිබඳ නිරන්තරයෙන් සිතන්නට වූහ.


(38). ධනවාදයේ පෙරළිකාරි ස්වභාෂාකරණ ප්‍රයත්නයට කිසියම් බාහිර සාධක 3ක් විසින් ශක්තිමත් පදනමක් දෙනු ලැබුණි. ඉන් දෙකක් ජාතික සවිඥ්ඥාණිකත්වයේ නැගීම සඳහා සෘජුව ම බලපෑවේ ය. ඉන් පළමු සහ අවම වැදගත් බවින් යුතු කරුණ නම්, ලතින් භාෂාවේ වෙනස් වීමයි. මානවවාදීන්ට පින් සිදු වෙන්නට ඉතාමත් පුළුල් පූර්ව ක්‍රිස්තියානි (මධ්‍යතන යුගයට පෙර) සාහිත්‍යයකට පණ දී, එය මුදුණ වෙළෙඳ පොළ හරහා ව්‍යාප්ත වීම නිසා පැරැණ්නන්ගේ විදග්ධ, ශෛලිගත ක්‍රියාවන් සහ ජයග්‍රහනයන් පිළිබඳ නව රසාස්වාදයක් trans eumpian බුද්ධිමතුන් අතරේ ඇති වනු දක්නට ලැබුණි. ඔවුන් ලේඛනය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළ ලතින් භාෂාව තව තවත් සිසරෝනියානු (ciceronian) වූ අතර සමයානුකූල සහ සාමාන්‍ය දිවියෙන් වැඩි වැඩියෙන් ඈත් වන්නට විය. මේ අතින්, ඊට කතෝලික පල්ලියේ භාවිත වූ ලතින් බසින් (Church Latin) මදක් වෙනස් වූ රහස් බසක් (සුළු පිරිසකට පමණක් අවබෝධ වන) ලැබුණි. පැරණි ලතින් බස වැඩි පිරිසකට අවබෝධ වූයේ එහි ශෛලිය සහ විෂය කරුණු නිසා ම නොව ඒ වන විටත් එය ග්‍රන්ථාරූඪ වූ බසක් බැවිණි. නමුත්, පසුව එය එවන් රහස්‍ය බසක් වන්නේ එම භාෂාවේ ස්වරූපය නිසා ය. දෙවැන්න නම්, කතෝලික ආගමේ ප්‍රතිසංස්කරණ ( Reformation) මගින් ඇති වූ බලපෑමයි. මේ කාලය තුළදි ම එය මුද්‍රණ ධනවාදයේ සාර්ථකත්වය වෙනුවෙන් බැඳී සිටියේ ය. මුද්‍රණ යුගයට පෙර අවධියේ රෝමය, බටහිර යුරෝපීය මිත්‍යා මතවලට විරුද්ධව සෑම යුද්ධයක් ම ඉතා පහසුවෙන් ජය ගත්තේ ය. මන්ද යත්, මනා අන්තර් සන්නිවේදන ක්‍රමවේදයක් රෝමය සතුව පැවති හෙයිනි. එහෙත් 1517 දී මාර්ටින් ලූතර් (Martin Luther) සිය නිබන්ධනය විටන්බර්ග් හි (Wittenbery) දේවස්ථානයක දොරටුවේ ඇණ ගසා රැඳ වූ පසු ඒවා ජර්මන් බසින් පරිවර්තනය වී මුද්‍රණය වූ අතර දින 15ක් ඇතුළත එය මුළු රට පුරා දක්නට ලැබුණි.

1500-1520 යන දශක දෙක තුළ මෙන් 1520-1540 යන දශක දෙක තුළ ද බොහෝ පොත පත තෙවරක් ම ජර්මන් බසින් මුද්‍රණය විය. මෙම විස්මය ජනක වෙනස තුළ මාර්ටින් ලූතර් පැහැදිළිව ම කේන්ද්‍රිය ලක්ෂය වෙයි. 1518-1525 කාලය තුළ විකිණුනු ජර්මන් භාෂා ග්‍රන්ථ අතරින් තුනෙන් එකකට නොඅඩු ග්‍රන්ථ ප්‍රමාණයක් ලූතර්ගේ විය.1522-1546 කාලය තුළ ඔහුගේ පරිවර්තන ග්‍රන්ථ 430ක් දක්නට ලැබුණි. මුල් ම වරට අතිවිශාල පාඨක සමූහයක් සහ ජනප්‍රිය සාහිත්‍යක් දැක ගත හැකි වේ. ඒ අනුව ලූතර් සිය ග්‍රන්ථ තමන්ගේම නමින් පළ කර විකිණූ ප්‍රථම ලේඛකයා බවට පත් වූවේ ය.


(39). ලූතර්ගේ ගමන් මගේ ගිය අන් සියල්ලෝ ම දැවැන්ත ආගමික ප්‍රචාරක යුද්ධයකට මුල පිරූ අතර එය මීළඟ සියවසේදී එය යුරෝපය පුරාම පැතිර ගියේ ය. මෙම, “මනුෂ්‍ය ඹණස උදෙසා කෙරෙන අතිවිශාල සටනේදි ප්‍රොතෙස්තන්තානුවාදය මූලිකව ම අහිතකර, ආක්‍රමණශීලි බවින් යුතු විය. මන්ද යත්, ධනවාදය විසින් නිර්මාණය කරන ලද ස්වභාෂා මුද්‍රණ වෙළෙඳ පොළ නිවැරදිව හසුරවන්නේ කෙසේ ද යන්න සහ කතෝලික ආගමේ ප්‍රතිසංස්කරණ ලතින් භාෂාව නම් බලකොටුව ආරක්ෂා කරන බව ද එය දැන සිටියේ ය. වතිකානු“Index Librorumprohibitorum” ඊට මනා ශක්තිමත් අඩිතාලමක් වූ අතර මීට ප්‍රතිවිරුද්ධ (ප්‍රොතෙස්තන්ත ප්‍රති ) පිලක් ද නොවී ය. 1535 දී ෆ්‍රැන්සුවා ( Francois) විසින් සිය රජය තුළ කිසිදු ග්‍රන්ථයක් මුද්‍රණය කර පළකිරීමට තහනම් කරන ලදි. මෙම තහනමට හේතු වූයේ ඔහුගේ රාජ්‍යයේ පෙරදිග තිරය ප්‍රොතෙස්තානු රාජ්‍යක් සහ නගර සමඟ එක් වීම සහ ඒ ඔස්සේ මහා පරිමාණ නීති විරෝධී මුද්‍රණ සිදු කිරීම යන කාරණා වේ.

1533-1542 අතර කාලය තුළ දී මුද්‍රිත ග්‍රන්ථ 42ක ප්‍රමාණයක් පමණක් ප්‍රකාශයට පත් වූවත්, 1550- 1564 අතර කාලය තුළ මුද්‍රණාල 40කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ බැවින් මුද්‍රිත ප්‍රකාශන ගණන සීඝ්‍රෙයන් වැඩි වන්නට විය. ප්‍රොතෙස්තන්තවාදයේ සහ මුද්‍රණ ධනවාදයේ සුසංයෝගය විශාල පාඨක ප්‍රජාවක් ඉතා වේගයෙන් නිර්මාණය කළේ ය. මෙම පාඨක ප්‍රජාව තරමක් දුරට ලතින් භාෂාව දන්නා මෙන් ම නොදන්නා වෙළෙඳුන් මෙන් කාන්තාවන් අතර ද නොඅඩු වූහ. ඒ සමඟ ම පාඨක ප්‍රජාව විවිධ දේශපාලන ආගමික අරමුණු සඳහා ද රැස් කරන ලදහ. පැහැදිළිව ම මෙය ක්‍රිස්තියානි පල්ලිය විසින් සිදු කිරීමක් නොව මෙම සමාජ විපර්යාසය යුරෝපයේ ප්‍රථම සහ වැදගත් අරාජික රාජ්‍යන් ඇති කළේ ය. ඒ ඕලන්ද ජනරජය තුළ සහ පියුරිටන් රජය තුළ ය. තෙවැන්න නම්, ස්වභාෂාවල මන්දගාමී මෙන් ම භූගෝලීය වශයෙන් විෂම වූ ව්‍යාප්තියයි. මේ වූකලී මනා ලෙස ස්ථාන ගත වූ අධිපතින් විසින් පරිපාලනය කේන්ද්‍රගත  කිරීම උදෙසා සොයා ගත් මෙවලම විය. මධ්‍යතන බටහිර යුරෝපය තුළ ලතින් භාෂාවේ විශ්වීයත්වය කිසිදු විටක විශ්වීය දේශපාලන ක්‍රමවේදයට අනුරූප නොවූ බව සිහියෙහි තබා ගැනීම වැදගත් වේ.


(40). බටහිර අධිරාජ්‍යයේබිඳ වැටීමෙන් පසුව ඇති වූ එහි දේශපාලන බිඳ වැටීම හරහා කිසිදු පාලකයෙකුට ලතින් භාෂාවේ අත්තනෝමතික අයිතිය ලබා ගැනීම සිදු කළ නොහැකියි යන්න අවධාරණය කෙරුණි. ඒ අනුව, ලතින් භාෂාවේ ආගමික සතුව කිසිදු විටෙක සැබෑ කාර්යයක් නොවී ය. 16 වන සියවසේ සිදු වූ ආගමික විප්ලවය සහ මුද්‍රණය යන දෙක ම ඇති කිරීමෙහිලා  පරිපාලන ස්වභාෂාවල  හටගැන්ම ප්‍රබලව බලපෑවේ ය. එසේ ම, එය පරිකල්පිත ප්‍රජාවේසෝදා පාලුව කෙරෙහි බලපෑ හේතුවක් වශයෙන් ද දක්නට ලැබුණි. මෙකී ස්වභාෂාකරණය තදින් මුල් බැස ගත් කිසියම් සමාජ සංකල්පයක් විසින් ඇති කරන බව කිසිදු අයුරකින් අදහස් නොවේ. යුරෝපයේ වයඔපර්යන්තයේ පිහිටි ‘එංගලන්තය පිළිබඳ කාරණය මෙහි දී වෙසෙසින් ම ප්‍රබුද්ධ විය. නෝමන් ජයග්‍රහනයට පූර්වයේ අධිකරණ පරිපාලන සහ ශාස්ත්‍රීය භාෂාව වූයේ ඇන්ග්ලෝ සැක්සන් භාෂාවයි. (Anglo Saxon) ඊළඟ සියවස් එකහමාරක් පුරාවට භවිත කළ රාජකීය ලිපි රචනා කරන ලද්දේ ලතින් භාෂාවෙනි. 1200-1350අතර කාලය තුළ මෙකී රාජ්‍ය බස නෝර්මන් ප්‍රංශ(Norman French) භාෂාව විසින් අවලංගු කරන ලද්දේ ය. මේ අතරතුර මෙකී විදේශීය පාලක පන්තියේ භාෂාව සහ ඇන්ග්ලෝ සැක්සන් අතර සිදු වූ මන්දගාමී සංයෝජනය විසින් මුල් ඉංග්‍රීසි භාෂාව නිපදවන ලදි. මෙම වන භාෂාවට 1362 න් පසු අධිකරණ භාෂාව සහ පාර්ලිමේන්තුවේ ආරම්භක භාෂාව වශයෙන් පත් වීමට එම සුසංයෝජනය විසින් ඉඩ හසර සලසා දෙන ලදි. වයික්ලිෆ්ගේ (Wycliffe) ස්වභාෂා අත්පිටපත් බයිබලය ද 1382 දී මෙම නව භාෂාව අනුගමනය කරන ලදි. මෙම අනුක්‍රමය ජාතික භාෂා නොව රාජ්‍ය භාෂා මාලාවක අනුක්‍රමයක් බවත් ඊට එංගලන්තය සහ වේල්සය පමණක් නොව අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ ප්‍රංශය ද ආවරණය වූ බව සිහියෙහි තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. පැහැදිළිව ම ජනගහනයෙන් වැඩි කොටසක් ලතින්, නෝමන්, ප්‍රංශ හෝ මුල් ඉංග්‍රීසි (Early English) යන භාෂාවන් පිළිබඳ දැන නොසිටියේය. දැන සිටියේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. මුල් ඉංග්‍රීසි භාෂාවේ දේශපාලනික බලවත් වීමෙන් සියවසක් ගත වන්නට පෙර ලන්ඩන් හි බලය ප්‍රංශයෙන් අතුගා දමන ලදි.


(41).  ප්‍රංශ භාෂාව ලතින් භාෂාවේ දූෂිත, වැරදි ආකෘතියක් බවත් එය සාහිත්‍යමය වශයෙන් උසස් භාෂාවක් බවට පත් වීමට සියවස් කිහිපයක් ගත් බවත් බ්ලොෂ් රයිලි (Bloch Wryly) පෙන්වා දෙයි. එය අධිකරණ භාෂාව බවට නිල වශයෙන් පත් වූයේ ද 1539 වසරේදී ය. සෙසු බලවත් ප්‍රදේශවල ලතින් භාෂාව ඉතා දිගු කලක් සුරැකිව පැවතුණි. 19 වන සියවස දක්වා ඒ අතරතුර විදේශීය ස්වභාෂා ප්‍රධාන ස්ථානයක් ගත්තේ ය. නිදසුනක් වශයෙන් 18 වන සියවස වන විට රොමානෝව් (Romanov) අධිකරණයේ නිල භාෂාව වූයේ ජර්මන් හා ප්‍රංශ භාෂාවය. සෑම විටක ම භාෂාව තෝරා ගැනීම සිදු වූයේ කිසියම් ක්‍රමික ක්‍රමවේදයකට අනුව ය. එය අහඹු සිදුවිමක් හෝ තනි කැමැත්තට අනුව සිදුවන්නක් නොව. මෙකී ක්‍රමවේදය 19 වන සියවසේ පාලකයින් විසින් අනුගමනය කළ භාෂා ප්‍රතිපත්තීන්වලට වඩා බෙහෙවින් ම වෙනස් ක්‍රමවේදයකි. මෙම වෙනසෙහි කැපී පෙනෙන ලක්ෂණයක් නම්, පැරණි පරිපාලන භාෂා භාවිත කරන ඔවුන්ගේ රහස් රාජකාරි කටයුතුවලදී පමණක් වීමයි. මෙකී පාලකයින්ට භාෂා ක්‍රමවත් අයුරින් සකස් කිරීම පිළිබඳ කිසිදු අදහසක් නොවීය. කෙසේ වෙතත් මෙම ස්වභාෂා “බලවත් බවේ භාෂා“ යන තත්වයට උසස් වීම ක්‍රිස්ටන්ඩෝම්හි(Christendome) පරිකල්පිත ප්‍රජාවේ පරිහානියට මාවත් විවර කරන්නක් විය. මෙකී ස්වභාෂා වූ ප්‍රංශ සහ මුල් ඉංග්‍රීසි, ලතින් භාෂාව හා කරට කර තරගයක සිටියේ ය. ලතින් භාෂාවේ සුළු පිරිසකට පමණක් අවබෝධ වන භාෂාවක් බවට පත්වීම, ආගමික ප්‍රතිසංස්කරණ සහ පරිපාලන ස්වභාෂාවල බලවත් වීම යන කාරණාත්‍රය සැබවින් ම ලතින් භාෂාවේ බලය පහ කිරීමෙහි ලා ප්‍රධාන වශයෙන් හේතු සාධක විය. එසේ ම මේ කිසිදු කාරණාවක් සහභාගීත්වයක් නොමැති ව නැවත පරිකල්පිත ජාතික ප්‍රජාවක හටගැන්ම සිතීමට යුහුසුළු විය.

නිෂ්පාදන ක්‍රමවේදය, ධනවාදය, සන්නිවේදන තාක්ෂණය නොහොත් මුද්‍රණ සහ මානව වාග් විද්‍යා විවිධත්වයේ කර්ම ශක්තිය යන ඒවාහි පවතින අහඹු එහෙත් ස්ථිර නොවන අන්තර් සම්බන්ධතා, නව ප්‍රජාව පරිකල්පිත ප්‍රජාවක් බවට පත් කිරීමෙහිලා ධනාත්මක අයුරින් බලපාන කරුණු බවට පත් වේ. කිසියම් භාෂාවක් මිය යාමට හෝ අතු ගා දැමීමට හැකි ය. නමුත් ධනවාදය සහ මුද්‍රණය ඒක භාෂික පාඨක ප්‍රජාවක් නිර්මාණය කරන තුරු මෙම අන්‍යොන්‍ය අවබෝධය එතරම් වැදගත් බවක් ඉසිලුවේ නැති තරම් ය. වඩා වැදගත් වන්නේ දෛව බලය, තාක්ෂණය සහ ධනවාදය අතර පවතින අන්තර් ක්‍රියාවයි. පූර්ව මුද්‍රණ යුරෝපයේ සහ ලෝකයේ අන් සෑම තැනක ම කථික භාෂාවල විවිධත්වය අපරිමිත ය. මෙකී භාෂා විකෘති කරන්නේ හෝ ඒවාහි ඇද කුද ඇති කරන්නේ එම භාෂක සමාජයම ය. නමුදු භාෂා වෙනස්කම් (පුද්ගලයෙක් භාෂාව භාවිත කරන විලාසය) කිසියම් සීමාවක් ඇති ව රැස් කර, මුද්‍රණ භාෂාවකට ඇතුල් කිරීමේ හැකියාව පවතියි. ශබ්ද සංඥා පද්ධතියක අභිමතානුකූල බව මෙම රැස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසයි.

(43).  වෙළෙඳ පොළ හරහා ප්‍රචාරණය කිරීමට හැකියාව පවතින යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදිත මුද්‍රණ භාෂා නිර්මාණය කළ ‘ධනවාදය හැරෙන්නට, එකිනෙකට සම්බන්ධ ස්ව භාෂා රැස් කිරීම සඳහා අන් කිසිදු කරුණක් දායකත්වය සැපයුවේ නැත. මෙකී මුද්‍රණ භාෂා නිර්මාණය කළේ ව්‍යාකරණ රීති විසින් ජාතික සවිඤ්ඤාණිකත්වයන් ඇති කිරීමෙහිලා මූලික අත්තිවාරම් තෙයාකාරයෙන් සපයනු ලැබේ. ප්‍රථමයෙන් ම ලතින් භාෂාව යටතේ කථික ස්වභාෂා මත හුවමාරුව සහ සන්නිවේදනය යන ඒකාබද්ධ අංශ නිර්මාණය කළේ ය. මේ හේතුවෙන් සංවාද හරහා එකිනෙකා තේරුම් ගැනීමට අපහසු වූ ප්‍රංශ, ස්පාඤ්ඤ නැති නම් ඉංග්‍රීසි වැනි භාෂක සමාජ මෙම මුද්‍රිත පුවත් පත් හරහා එකිනෙකා අවබෝධ කර ගැනීමට මඟ පාදා ගත්හ. මෙසේ මුද්‍රණය හරහා සහ සම්බන්ධ වූ මෙම සහෘද පාඨක ප්‍රජාව විසින් ජාතික වශයෙන් පරිකල්පිත ප්‍රජාවේ කළලය ඇති කළ හ.

දෙවනුව, මුද්‍රණ යථාර්ථය විසින් භාෂාවට නව ස්ථාවර බවක් ලබා දෙන ලද්දේ ය. මෙම නව ස්ථාවර බව ඉපැරණි දේවල් පිළිබඳ ප්‍රතිරූපයක් ගොඩනැගීමෙහිලා උපකාර වූ බැවින් ජාතියේ හරයට කේන්ද්‍ර විය. ෆෙබ්ර(Febvre) සහ මාර්ටින් (Martin) අපට සිහි පත් කර දෙන අන්දමට මුද්‍රිත ග්‍රන්ථ ස්ථාවර තත්වයක් ගෙන ආවේ ය. මෙකී ස්ථාවරත්වය සැබැවින් ම අනන්ත ප්‍රමාණ ප්‍රතිනිෂ්පාදන ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙහිලා යුහුසුළු විය. මේ අනුව දොළොස් වන සියවසේ ප්‍රංශ භෂාව පහළොස් වන සියවසේ දී වෙනස් වන අතර දහසය වන සියවසේ දී මෙම වෙනස් වීමේ ප්‍රතිශතයේ වේගය තීරණාත්මක ලෙස අඩු විය. 17 වන සියවස වන විට යුරෝපයේ භාෂා 22ක් ඒවායේ වන ආකෘතිය ආරෝපණය කර ගත්තේ ය. තෙවනුව, මුද්‍රණ ධනවාදය විසින්පාරම්පරික පරිපාලන ස්වභාෂාවලින් වෙනස් වූ බලවත් භාෂාවක්නිර්මාණය කරන ලදි. ඇතැම් උප භාෂා (ප්‍රාදේශීය භාෂා) මුද්‍රණ භාෂාවන්ට බෙහෙවින් සමීප වූ අතර ඉහළ ස්ථානයක රඳා පැවතුණි. මෙකී භාෂාවන්වල සහෝදර භාෂා පවතින අයුරින් ම සිය මුද්‍රණ ස්ථාවරයේ පැවතීමට ගත් ප්‍රයත්න අසාර්ථක වූ බැවින් තත්වයෙන් පිරිහුණි. මෙම භාෂා තවමත් මුද්‍රණ භාෂාවට සමග්‍රහනය වෙමින් පවතී.

වයඹ දිග ජර්මන් භාෂාව (Northwestern German ) බහුල ව භාවිත විය. එබැවින් ජර්මන් භාෂාව උප ප්‍රමාණික (ප්‍රමිතියෙන් අඩු--)තත්වයේ පැවතුණි. මන්ද යත් ජර්මන් භාෂාව මුද්‍රණ කටයුතුවලදී යොදා ගැනිම තරමක් දුර්වල කාර්යයක් වූ බැවිණි. උසස් ජර්මන් බස, රජුගේ ඉංග්‍රීසි (Kind’ s English) මෙන් ම පසු කලෙක, තායි යන භාෂාවන් නව දේශපාලන සංස්කෘතික තත්වයකට නැගී ආවේ ය. එහෙත් එය පැවතුණේ ඒවාහි ආරම්භය අවධාරණය කිරීමට පමණි. මෙම මුද්‍රණ භාෂාවල ස්ථාවරත්වයත් ඒවාහි තත්වයන්ගේ වෙනස් වීමත් හුදෙක් ආත්මාර්ථකාමී ක්‍රියාවලියක් නොවේ.මෙම ක්‍රියාවලිය ධනවාදය, තාක්ෂණය හා මානව වාග් විද්‍යා විවිධත්වය යන තුන් වැදෑරුම් අංගයන්ගේ අන්තර් ක්‍රියාවේ ප්‍රතිඵලයකි. මේවාට ජාතිවාදයේ ඉතිහාසය තුළ ඉතාමත් උචිත, වාසිදායක, විධිමත් ආකෘතියකට පත් විය හැකි ය. විදේශීය මිෂනාරීන් ඔවුන්ගේ ම පිටපත් කිරීමේ කලාවක් සුළු ජාතීන්ට හඳුන්වා දුන් අතර ඔවුන්ගේ ම බසින් ප්‍රකාශන දියුණු කිරීමට උත්සුක වූහ. නමුත් තායි රජය එය අධෛර්යමත් කළේ ය. එහි භාෂාව සිය සුළු ජාතීන්ගේ බසට වඩා බෙහෙවින් වෙනස් විය. තුර්කි භාෂක සමාජය සැබැවින් ම වත්මන් තුර්කිය, ඉරානය, ඉරාකය යන රටවල භාෂාවන්ට සංයෝග විය. USSR ඉන් සුවිශේෂි නිදර්ශනයකි. පුළුල් ඉස්ලාම් අනන්‍යතාවක් සමග තුර්කි ජාතික සවිඤ්ඤාණය වඩා බලවත් කිරීමෙහිලා උනන්දු වූ Atatik , රෝම අකුරු භාවිතය අනිවාර්ය කළේ ය. (Romanizationසෝවියට් පරිපාලනය විසින් මුලින් ම ඉස්ලාම් සහ පර්සියානු විරෝධී රෝමානුකරණ (Romanikation) ක්‍රමවේදයක් අනුගමනය කළ අතර 1930 දී ස්ටාලින් රුසියානුගත ස්ලෝවෝනිකරණය (Cyrillicization) අනුගමනය කළේ ය.


 සාරාංශය

තීරණාත්මක මානව භාෂා විවිධත්වය සම්බන්ධයෙන් ධනවාදයේ සහ මුද්‍රණ තාක්ෂණයේ සුසංයෝගය නව පරිකල්පිත ප්‍රජාවක් නිර්මාණය කළේ ය. මෙම නව පරිකල්පිත ප්‍රජාවේ මූලික පද විචාරය (Morphology) නූතන ජාතියක් ගොඩනැංවීමෙහිලා දායක විය. මෙම ප්‍රජාවගේ ප්‍රබල පැතිරීම සහජයෙන් ම සීමා සහිත වූවා සේ ම පවතින දේශපාලන සීමාවන් කෙරෙහි අනපේක්ෂිත සම්බන්ධතාවක් ඉසිලුවේ ය. නමුත් පැහැදිළිව ම නුතන රාජ්‍යයන් සියල්ල සතුව ම පාහේ ජාතික මුද්‍රණ භාෂාවක් පවතින අතර එය එම රජයෙහි සමස්ථ ප්‍රජාව ම පොදුවේ භාවිත කරන භාෂාව වෙයි.ස්පාඤ්ඤය, ඇමරිකාව වැනි ඇන්ග්ලෝ සැක්සන් (Anglosaxon) ගණයට අයත් රටවල් කැපී පෙනෙන නිදසුන් වෙයි. අනෙක් රටවල ජනගහනයෙන් ඉතාමත් කුඩා කොටසක් පමණක් පුවත් පත්වල සහ සංවාදවලදී ජාතික භාෂාව භාවිත කරයි. අප්‍රිකාව මෙන් ම යටත් විජිත වශයෙන් තිබූ සෙසු රටවල් ඊට නිදසුන් සපයයි. වෙනත් අයුරින් කිවහොත් සමකාලීන රාජ්‍යවල ඝණ සැකැස්ම එම රාජ්‍යවලින් නියම කරන මුද්‍රණ භාෂා සමග සමාරූපී වන්නේ නැත. මුද්‍රණ භාෂාව ජාතික සවිඤ්ඤාණිකත්වය සහ ජාතික රාජ්‍යයන් අතරෙහි පවතින සම්බන්ධතාව බිඳ වැටීම තුළින් 1776 සහ 1838 දී බටහිර අර්ධගෝලයේ පැන නැගුණු නව දේශපාලන තත්වයන්ට මග පාදයි. මෙහි දී මෙම රටවල් සියල්ලක්ම පාහේ ජාතීන් සහ ජන රජ වශයෙන් තමාව හඳුන්වා ගත්හ. මෙම රටවල් එවන් තත්වයකට මුල් ම වරට නැගි සිටියා පමණක් නොව එවන් රාජ්‍යන් කෙසේ විය යුතු ද යන නව මොඩලය ලෝකයට හඳුන්වා දුන්නේ ය. 
Translated by P.S.Manthrirathna (11/SL/165 EA3397)