Thursday, August 18, 2016

ගිරිහිසින් උදා සඳ....




වින්දනීය ජීවිතයේ වින්දනීය මාධ්‍ය කලාවයි. කලාවෙන් තොර මිනිසා රොබෝවරයෙක් වන්නා සේම කලාවන්ගේ පහස ලද පුද්ගලයා සොඳුරු හිතෛෂි අයෙකු වේ. සරසවිය මගින් බිහි කළ යුත්තේ ද එවැනි සංවේදශීලී, මිනිසත්කම හඳුනන්නා වූ මිනිසුන් ය. සබරගමු සරසවි මාතාවගේ ඇකයේ ගුණ නුවණින් පෝෂණය වන විද්‍යාර්ථයින් අතරින් කලාකාමී නිදහස් චින්තනයෙන් හෙබි විද්‍යාර්ථයින් බිහි කරන කලා පීඨය සමාජීය විද්‍යා හා භාෂා පීඨය යි. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක කුසලතා පෝෂණය කරනු වස් පීඨ කලා උළෙල දක්වන්නේ මහත් පිටුවහලකි.



“මහ පොළොව වසාගත් බහලඳුර දුරලන්න උදා වූ සඳ” යන අරුත පෙරදැරිව වසරක් පාසා ‘ගිරිහිසින් උදා සඳ’ කලා මංගල්‍ය ඉතා උත්කර්ෂවත් ව පවත්වනු ලැබේ. සැබැවින්ම මෙය නම් පීඨයට උදා වූ සඳක් ම වන්නේ ය. මෙමගින් හුදකලාව තිබෙන කලා හැකියාවන් මතු වී දිදුලන්නට පටන්ගනී. එකමුතුකම‚ සහෝදරත්වයේ බැඳිම කලා උළෙල පසුපස තිබෙන ශක්තිමත් අත්තිවාරමයි.  කලා උළෙල පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන අතර විවිධ තරඟ සඳහා අවට පාසල්වලට ද සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. නිර්මාණශීලී  කලා හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් රාශියකින් පීඨ කලා උළෙල හැඩ ගැන්වී තිබීම නිසා ඉතාමත් ආකර්ෂණීය වේ.
   ‍‍‍  අපේ ගම (සෞන්දර්යාත්මක වැඩසටහන) 
     අවකාශය (සංවාදාත්මක       වැඩසටහන)         
     කුටීරය (සංස්කෘතිකාංග එළිදැක්ම)        
     ජනසංනිවේදන වැඩමුළුව        
     ආදර කන්දට හිම වැස්සක් (ප්‍රාසාංගික එළිදැක්ම)     
     විකල්ප ගී       
     නාට්‍ය වැඩමුළුව
                                                          
යනා දී වශෙයන් අලංකාර ලෙස ගිරිහිසින් උදා සඳ කලා උළෙල සරසවි
භූමියේ යථාර්ථයක් බවට පත්වෙයි. එමෙන්ම කලා උළෙලට සමගාමීව නර්තන, ගායන, චිත්‍ර, නාට්‍ය සහ විවිධ සාහිත්‍ය තරඟ පැවැත්වේ. විචාරාත්මක ප්‍රාසාංගික වැඩසටහන් මගින් වර්ණවත් වන කලා උළෙල අවසානයේ පන්නරය සඟරාව ද එළි දක්වනු ලැබයි. පීඨ භූමියට වසන්තයක් ගෙන එමින් යටපත් වන කලා කුසලතාවන් කරළියේ අභිෂේක ගන්වන  ගිරිහිසින් උදා සඳ කලා මංගල්‍ය සබරගමු සරසවි මාතාවට ආලෝකයක් මෙන්ම අභිමානයකි.







සටහන - මේනකා රත්නායක

ආදර කන්ද

සිතුවිලි සිර නොවුණු සිනහනගන්නන්ගේ සොදුරු නවාතැන සබරෙ අපි





කලාවට පෙම් බදින යෞවන යෞවනියො පිරිසක් හැමදාම මහ රෑට සබරගමුව සරසවියෙ වළ පැත්තෙ මහ සද්දෙට කෑගහල අහනව කෝ මාගෙ ඩාලින්…  කෝ මාගෙ ඩාලින්… මම දුන්න රෝස මල… කියලා ∙ මේ උත්සාහය රෝස මල සොයල දෙන්න නම් නෙමෙයි∙ සබරෙ වළ පැත්තෙ හැමදාම මහ රෑ 12 වෙනකම් ආදරයෙන් විනෝදයෙන් සිනහෙවන් පිරුණු සොදුරු නවාතැන පිළිබද පුංචි සටහනක් තියන්න∙

ජනතාව අතරට විමුක්තියේ පණිවුඩය ගෙන යාමට මූලිකත්වය ගනු ලැබූ වීදි නාට්‍ය කලාව මෙරට ජනිත කරවීමේ ගෞරවය හිමිවන්නේ ගාමිණී හත්තොටුවේගම නම් කලාකරුවානන්ටය∙ නාට්‍ය රංගනය යනු පොසීනියම් ආරක්කු වේදිකාවකට පමණක් සීමා වන්නක් නොවන බවත් එය කමතක එළවලු වෙළෙදපළක මාලු වෙළෙදපළක කර්මාන්තශාලාවක යනාදී ඕනෑම තැනක රග දැක්විය හැකි බව පළමුවරට සාක්ෂාත් කළේ වීදි නාට්‍යය කලාවයි∙ ගොවි කම්කරුවන් මූලික පොදු ජනතාව අතරට විමුක්තියේ පණිවුඩය රැගෙන ගිය වීදි නාට්‍ය කලාව සරසව් භූමිය වෙතද පිවිසෙන්නට ව්ය∙ පේරාදෙණිය ජයවර්ධනපුරය කැළණිය ආදී සරසවි තුළට මෙන්ම සබරගමුව සරසව්ය තුළ ද වීදි නාට්‍ය කලාව ආරම්භ වීමට මග පෑදිණි∙


පිරිහිබිනි දියවර ගිරිහිසින් උදාසද රිද්මය ස්වර්ණදාර ආදී කලා මංගල්‍යයන්ගෙන් පිරුණු සබරගමුව සරසව් මෑණියන්දෑට 2005 වසර තවත් සුවිශේෂි වසරක්ම විය∙ ව්ව්ධ වූ කලා අංගෝපයන්ගෙන් පෝෂණය වී සිට් සබරගමු සරසව් මව් තුරුළෙ සබරෙ අපි නමින් තවත් නිර්මාණශීලි දරුවෙකු පෝෂණය වන්නට විය∙ එකළ මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති ධුරය දැරූ දිස්න දිලන්ත ජයසිංහ සහෝදයෙගේ මූලිකත්වයෙන් ඔසාමා කදිරා චපලා විශාලා රිචා ඉස්සා සදා පුහුලා ආදී සහෝදරත්වයේ සහයෝගයෙන් සබරෙ අපි බිහි ව්ය∙ අතිශය දුෂ්කර ගමනක් පැමිණි සබරෙ අපි විවිධ වූ වැඩසටහන් පවත්වම්න් තම කණ්ඩායමට අවශ්‍ය වූ ඇදුම් ආයිතතම් මෙන්ම වාද්‍ය භාණ්ඩ ද සපයා ගත්හ∙ 2005 වසරෙ දෙසැම්බර් පළවැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පවත්වනු ලැබූ නාට්‍ය තරගය සදහා හා හා පුරා කියා පළමුවරට සබරෙ අපි වීදි නාට්‍ය කණ්ඩායමට ද ආරාධනා ලැබුණි∙

ඒවගේම 2006 වසර සබරගමුව සරසව්යට තවත් සුවිශේෂී වසරක් ව්ය∙ එයට හේතුව වූයේ සබරගමුව සරසව් මෑණියන්ට දස වසරක් සපිරීමයි∙ ඒ වසර සාඩම්භර ලෙස සැමරීමට සිදුවූයේ පිරිහිබිනි දියවර කලා මංගල්‍යයත් සමගිනි∙ කොළඹින් ඈත දුරක පිහිටි සබරගමුව සරසවි නාමය  මෙන්ම පිරිහිබිනිදියවර කලා මංගල්‍යය පිළිබදවද  ගම් නියම්ගම් නගර මෙන්ම අනෙකුත් සරසවි දැනුවත් කිරීමේ වාහකයා වූයේ සබරෙ අපි යි∙

එකළොස් වසරක් කටුක ගමනක් වුවත් සිනහ නගමින් පැමිණි මේ සොදුරු සිත් ඇත්තෝ සරසවි සටන් බිමේ ඉදිරිපෙළ නියෝජනය කරමින් පීඩිත ජනතාවගේ දුක මෙන්ම නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් කැපවන්නා වූ සරසවි අරගල බිමෙහි රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් එළියට නොයන හඬ ජනතාව අතරට ගෙනයෑමට සබරෙ අපි සමත් වූහ∙එබැවින්ම සබරෙ අපි සබරගමුව මහා ශිෂ්‍ය සංගමයේ හදවත බවට පත්වීමෙහි විවාදී බවක් නොමැත∙


සියල්ලටම එපිටින් වූ කිසිවෙකුත් නොදැක්කා වූ කලාවෙන් කෙළවර නොවූ අසීමිත වූ ද අව්‍යාජ වූ සොඳුරු බැඳීමක් සබරෙ අපි සොයුරු සොයුරියන් අතර පවතී∙ ඔවුන්ම හදාගත් කරත්තයකින් වළට පැමිණෙන ඔවුන් සබරගමු සරසවි මාතාව වටකොට සිටින දර්ශනීය වූ ආදරකඳුවළල්ලෙහි හැපෙන්නට තරම් ශබ්දයෙන් හඬ නගා සිංදු කියයි∙ ඉන් ඔවුන්ගේ සොඳුරු නවාතැන සජීවි වන්නට පටන්ගනී∙ විවිධාකාර වූ අත්දැකීම්වලින් පිරුණු වයස් බේදයෙන් තොර වූ ඔවුන්ගේ හමුවීම සරසවියේ වසර හතරක කාලයෙන් නිම නොවේ∙ සබරගමුව සරසවියෙදි මෙන්ම නන්නාඳුනන වීදියෙදිත් නගරයෙදිත් ඔබ අප අතරට එන සබරෙ අපි  සබරෙ සුවඳ හඳුනන කිසිවෙකුටත් නන්නාඳුනන්නකු නොවේ∙


       චලනි දිලේෂා
        EA 3288


Saturday, August 13, 2016

නර්තනයේ අපූර්ව හැඩ තල මවන්නී ඇයයි




 






කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ නෙතඟ බැල්ම ජන්මයෙන්ම හිමි කරගත්, නර්තනය නම් වූ අපූර්ව හැඩතල මැවීමේ උපන් හපන්කම් හිමි කරගත් ජීවිතය පිලිබද අරුත්බර අදහස් කලාවෙන් වින්දනය කළ හැකි යුවතිය ඇය යි. සෙංකඩගලට උරුමකම් කියන ඇයගේ උපන් ගම නුවර 
මැණික්හින්න ප්‍රදේශයයි. රත්නායක මුදියන්සේලාගේ වික්‍රමසිංහ බණ්ඩා පියාණන්ට හා රාජපක්ෂ මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මෑණියන්ට දාව සහෝදරයන් දෙදෙනෙකුගේ හා සහෝදරියකගේ සුරතල් නැඟණිය ව උපන්  ඈ නමින්  චාමිනි මේනකා රත්නායක විය.

මහ /බත් /පාතදුම්බර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපනය සදහා මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් විය. පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය ඇගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු කළ තෝතැන්නක් සේ මෙනෙහි කළේ ය.කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිංහල,නර්තනය,හින්දි යන විෂයයන් විශිෂ්ට ලෙස සමත් වී වර්තමානය වන විට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යයන කටයුතු කරන ඇය හින්දි විශේෂවේදී උපාධිය හදාරන අතර අනුවිෂයක් ලෙස සිංහල හදාරයි.
ඉගෙනුමට මෙන්ම කලාවට ,ක්‍රීඩාවට ආදී ඉසව් කෙරෙහි දක්ෂතා දැක් වූ ඇය පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් ලෙසට තම චරිතය හැඩගස්වා ගෙන ඇත.

නර්තනය තමාගේ ජීවිතය බවට පත් කරගත් ඈ දිවා රැ නොනිදා නර්තනය පුහුණු කළ අතර ඉන් විශිෂ්ට ලෙස ජයග්‍රහණයන්ට  පවා හිමිකම් කියන්නට විය .ඇය  2003 -2012 කාලය අතරතුර පාසල් නර්තන කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් සේ කටයුතු කළේ ය .එමෙන්ම කණ්ඩායම් සේ ඉන්දියානු ජාත්‍යන්තර තරගයන් සදහා සහභාගී වූ ඇයට විශිෂ්ට ජයග්‍රහණයන්ට හිමිකම් කියන්නට හැකි විය. හුදෙක් නර්තන අංශයෙන් පමණක් නොව සංගීත අංශයෙන් ද දක්ෂතා පෙන්වන්නට හැකි  වූයේ ය.
පාසල් ශිෂ්‍ය නායිකාවක් සේ කටයුතු කළ මේනකා තුළ නිතැතින් ම නායකත්ව ගති ලක්ෂණ බොහෝ අවස්ථාවල දී කැපී පෙනේ.ඒ මතු නොව මේනකා පාසල් ළමා පාර්ලි‌‌මේන්තුවේ මන්ත්‍රීවරියක් සේ ක්‍රියා කළ අතර උදා විකාශය ළමා වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් කටයුතු කළ බව ද ඇය මා සමග පැවැසූවේ ය.නෙට්බෝල් වොලිබෝල් වැනි  ක්‍රීඩා තරග වලින් හපන්කම් දැක් වූ  ඇය කලාව ක්‍රීඩාව අධ්‍යාපනය සමබරතාවෙන් යුතුව පවත්වා ගෙන යාම කා හටත් ආදර්ශයක් සේ පෙන්වා දිය හැකි ය .
සමිති සමාගම්වල විවිධ තනතුරු හෙබවීම නිසා ලද පන්නනරය තම ජීවිතයට පසක් කර ගන්නට එය මහත් රුකුලක් වන්නට ඇත.පාසලේ දී සිංහල සාහිත්‍ය සංගමයේ භාණ්ඩාගාරික තනතුර දැරු ඇයට සබරගමු විශ්වවිද්‍යාලයිය  හින්දි භාෂා සංගමයේ ද භාණ්ඩාගාරික තනතුර දරන්නට හිමිකම් ලැබුණේ ය .යුවතියක් ලෙස දිනෙක ඈ ලැබූ පන්නරය ජිවිතයට මහත් ආලෝකයක් වන බව නම් නිසැකයෙන් ම කිව හැකි ය . 

   පාසල මෙන්ම යමෙක්ගේ ජිවිතය පෙරළියකට ලක් කළ හැකි තෝතැන්නකි දහම් පාසල.වලල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලෙන්  දහම් අධ්‍යාපනය නිම කළ  ඇය  දහම් පාසල තුළ ද අනෙකා හා උරෙන් උර ගැටෙමින් ඉදිරියටම ගිය බව දැකි ය  හැකි  බව පෙනෙන්නේ ඇය ලද ජයග්‍රහණයන් නිසාවෙනි. රචනා නාට්‍ය ආදී තරග ඉසව් වලින් ජය ලැබුවේ ය. 
 
 නිතර සිනහා පිරි මුවින් මිහිරි හඩින් අමතන ඈ විශ්වවිද්‍යාලය තුළ පවා ලෙන්ගතු චරිතයකි.නර්තනයෙන් අනෙකාගේ සිත් වශීකෘත කරන්නට මේනකාට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඇයගේ නිබඳ හැකියාව ගිරිහිසින් උදාසද පීඨ කලා උළෙලේ දී හා පිරිහීඹිනි  දියවර විශ්වවිද්‍යලයීය කලා උළෙලේ දී ඇගයුමට පත් විය. එමෙන්ම නර්තන කුසලතා නිසා  ම වත්මනයේ දී  විශ්වවිද්‍යාලයී ය නර්තන කණ්ඩායමේ නායිකාව වශයෙන් ද කටයුතු කරමින් සුවිශාල මෙහෙවරක් ඉටුකර යි .

ජන්මයෙන්ම ලද කලාකාමී ජීවිතය නිසාදෝ ඇය පොත පත පරිහරණය කරන්නට කියවන්නට වැඩි රුචිකත්වයක් දක්වයි.නවකතා කෙටිකතා කියවන්නට වඩාත් ප්‍රිය කරන මේනකා ඉදිරියේ දී ගුරුවරියක් සේ කටයුතු කරමින් යහපත් ළමා පරපුරක් වෙනුවෙන් ළමා කතා ,කෙටිකතා ලියන්නට අභිප්‍රායක්  ඇති බව මා හා පැවසූ වේ ද ලෙන්ගතු සිනහව මුවෙහි නංවාගෙනයි.


සටහන -ඩි.ජානකි දිල්රුක්‍ෂි
සමනල වැව