Saturday, August 13, 2016

නර්තනයේ අපූර්ව හැඩ තල මවන්නී ඇයයි




 






කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ නෙතඟ බැල්ම ජන්මයෙන්ම හිමි කරගත්, නර්තනය නම් වූ අපූර්ව හැඩතල මැවීමේ උපන් හපන්කම් හිමි කරගත් ජීවිතය පිලිබද අරුත්බර අදහස් කලාවෙන් වින්දනය කළ හැකි යුවතිය ඇය යි. සෙංකඩගලට උරුමකම් කියන ඇයගේ උපන් ගම නුවර 
මැණික්හින්න ප්‍රදේශයයි. රත්නායක මුදියන්සේලාගේ වික්‍රමසිංහ බණ්ඩා පියාණන්ට හා රාජපක්ෂ මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මෑණියන්ට දාව සහෝදරයන් දෙදෙනෙකුගේ හා සහෝදරියකගේ සුරතල් නැඟණිය ව උපන්  ඈ නමින්  චාමිනි මේනකා රත්නායක විය.

මහ /බත් /පාතදුම්බර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපනය සදහා මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් විය. පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය ඇගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු කළ තෝතැන්නක් සේ මෙනෙහි කළේ ය.කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිංහල,නර්තනය,හින්දි යන විෂයයන් විශිෂ්ට ලෙස සමත් වී වර්තමානය වන විට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යයන කටයුතු කරන ඇය හින්දි විශේෂවේදී උපාධිය හදාරන අතර අනුවිෂයක් ලෙස සිංහල හදාරයි.
ඉගෙනුමට මෙන්ම කලාවට ,ක්‍රීඩාවට ආදී ඉසව් කෙරෙහි දක්ෂතා දැක් වූ ඇය පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් ලෙසට තම චරිතය හැඩගස්වා ගෙන ඇත.

නර්තනය තමාගේ ජීවිතය බවට පත් කරගත් ඈ දිවා රැ නොනිදා නර්තනය පුහුණු කළ අතර ඉන් විශිෂ්ට ලෙස ජයග්‍රහණයන්ට  පවා හිමිකම් කියන්නට විය .ඇය  2003 -2012 කාලය අතරතුර පාසල් නර්තන කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් සේ කටයුතු කළේ ය .එමෙන්ම කණ්ඩායම් සේ ඉන්දියානු ජාත්‍යන්තර තරගයන් සදහා සහභාගී වූ ඇයට විශිෂ්ට ජයග්‍රහණයන්ට හිමිකම් කියන්නට හැකි විය. හුදෙක් නර්තන අංශයෙන් පමණක් නොව සංගීත අංශයෙන් ද දක්ෂතා පෙන්වන්නට හැකි  වූයේ ය.
පාසල් ශිෂ්‍ය නායිකාවක් සේ කටයුතු කළ මේනකා තුළ නිතැතින් ම නායකත්ව ගති ලක්ෂණ බොහෝ අවස්ථාවල දී කැපී පෙනේ.ඒ මතු නොව මේනකා පාසල් ළමා පාර්ලි‌‌මේන්තුවේ මන්ත්‍රීවරියක් සේ ක්‍රියා කළ අතර උදා විකාශය ළමා වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් කටයුතු කළ බව ද ඇය මා සමග පැවැසූවේ ය.නෙට්බෝල් වොලිබෝල් වැනි  ක්‍රීඩා තරග වලින් හපන්කම් දැක් වූ  ඇය කලාව ක්‍රීඩාව අධ්‍යාපනය සමබරතාවෙන් යුතුව පවත්වා ගෙන යාම කා හටත් ආදර්ශයක් සේ පෙන්වා දිය හැකි ය .
සමිති සමාගම්වල විවිධ තනතුරු හෙබවීම නිසා ලද පන්නනරය තම ජීවිතයට පසක් කර ගන්නට එය මහත් රුකුලක් වන්නට ඇත.පාසලේ දී සිංහල සාහිත්‍ය සංගමයේ භාණ්ඩාගාරික තනතුර දැරු ඇයට සබරගමු විශ්වවිද්‍යාලයිය  හින්දි භාෂා සංගමයේ ද භාණ්ඩාගාරික තනතුර දරන්නට හිමිකම් ලැබුණේ ය .යුවතියක් ලෙස දිනෙක ඈ ලැබූ පන්නරය ජිවිතයට මහත් ආලෝකයක් වන බව නම් නිසැකයෙන් ම කිව හැකි ය . 

   පාසල මෙන්ම යමෙක්ගේ ජිවිතය පෙරළියකට ලක් කළ හැකි තෝතැන්නකි දහම් පාසල.වලල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලෙන්  දහම් අධ්‍යාපනය නිම කළ  ඇය  දහම් පාසල තුළ ද අනෙකා හා උරෙන් උර ගැටෙමින් ඉදිරියටම ගිය බව දැකි ය  හැකි  බව පෙනෙන්නේ ඇය ලද ජයග්‍රහණයන් නිසාවෙනි. රචනා නාට්‍ය ආදී තරග ඉසව් වලින් ජය ලැබුවේ ය. 
 
 නිතර සිනහා පිරි මුවින් මිහිරි හඩින් අමතන ඈ විශ්වවිද්‍යාලය තුළ පවා ලෙන්ගතු චරිතයකි.නර්තනයෙන් අනෙකාගේ සිත් වශීකෘත කරන්නට මේනකාට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඇයගේ නිබඳ හැකියාව ගිරිහිසින් උදාසද පීඨ කලා උළෙලේ දී හා පිරිහීඹිනි  දියවර විශ්වවිද්‍යලයීය කලා උළෙලේ දී ඇගයුමට පත් විය. එමෙන්ම නර්තන කුසලතා නිසා  ම වත්මනයේ දී  විශ්වවිද්‍යාලයී ය නර්තන කණ්ඩායමේ නායිකාව වශයෙන් ද කටයුතු කරමින් සුවිශාල මෙහෙවරක් ඉටුකර යි .

ජන්මයෙන්ම ලද කලාකාමී ජීවිතය නිසාදෝ ඇය පොත පත පරිහරණය කරන්නට කියවන්නට වැඩි රුචිකත්වයක් දක්වයි.නවකතා කෙටිකතා කියවන්නට වඩාත් ප්‍රිය කරන මේනකා ඉදිරියේ දී ගුරුවරියක් සේ කටයුතු කරමින් යහපත් ළමා පරපුරක් වෙනුවෙන් ළමා කතා ,කෙටිකතා ලියන්නට අභිප්‍රායක්  ඇති බව මා හා පැවසූ වේ ද ලෙන්ගතු සිනහව මුවෙහි නංවාගෙනයි.


සටහන -ඩි.ජානකි දිල්රුක්‍ෂි
සමනල වැව
                                                                       


No comments:

Post a Comment