Thursday, August 18, 2016

ගිරිහිසින් උදා සඳ....




වින්දනීය ජීවිතය වින්දනීය මාධ්‍ය කලාවයි. කලාවෙන් තමිනිසා රොබෝවරයෙක් වන්නා සේම කලාවන්ගේ පහස ලද පුද්ගලයා සොඳුරු හිතෛෂි අයෙකු වේ. සරසවිය මගින් බිහි කළ යුත්තේ ද එවැනි සංවේදශීලී, මිනිසත්කම හඳුනන්නා වූ මිනිසුන් ය. සබරගමු සරසවි මාතාවගේ ඇකයේ ගුණ නුවණින් පෝෂණය වන විද්‍යාර්ථයින් අතරින් කලාකාමී නිදහස් චින්තනයෙන් හෙබි විද්‍යාර්ථයින් බිහි කරන කලා පීඨය සමාජීය විද්‍යා හා භාෂා පීඨය යි. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක කුසලතා පෝෂණය කරනු වස් පීඨ කලා උළෙල දක්වන්නේ මහත් පිටුවහලකි.



“මහ පොළොව වසාගත් බහලඳුර දුරලන්න උදා වූ සඳ” යන අරුත පෙරදැරිව වසරක් පාසා ‘ගිරිහිසින් උදා සඳ’ කලා මංගල්‍ය ඉතා උත්කර්ෂවත් ව පවත්වනු ලැබේ. සැබැවින්ම මෙය නම් පීඨයට උදා වූ සඳක් ම වන්නේ ය. මෙමගින් හුදකලාව තිබෙන කලා හැකියාවන් මතු වී දිදුලන්නට පටන්ගනී. එකමුතුකම‚ සහෝදරත්වයේ බැඳිම කලා උළෙල පසුපස තිබෙන ශක්තිමත් අත්තිවාරමයි.  කලා උළෙල පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන අතර විවිධ තරඟ සඳහා අවට පාසල්වලට ද සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. නිර්මාණශීලී  කලා හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් රාශියකින් පීඨ කලා උළෙල හැඩ ගැන්වී තිබීම නිසා ඉතාමත් ආකර්ෂණීය වේ.
   ‍‍‍  අප ගම (සෞන්දර්යාත්මක වැඩසටහන) 
     අවකාශය (සංවාදාත්මක       වැඩසටහන)         
     කුටීරය (සංස්කෘතිකාංග එළිදැක්ම)        
     ජනසංනිවදන වැඩමුළුව        
     දර කන්දට හිම වැස්සක් (ප්‍රාසාංගික එළිදැක්ම)     
     විකල්ප ගී       
     නාට්‍ය වැඩමුළුව
                                                          
යනා දී වශෙයන් අලංකාර ලෙස ගිරිහිසින් උදා ස කලා උළෙල සරසවි
භූමියේ යථාර්ථයක් බවට පත්වෙයි. එමෙන්ම කලා උළෙලට සමගාමීව නර්තන, ගායන, චිත්‍ර, නාට්‍ය සහ විවිධ සාහිත්‍ය තරඟ පැවැත්වේ. විචාරාත්මක ප්‍රාසාංගික වැඩසටහන් මගින් වර්ණවත් වන කලා උළෙල අවසානයේ පන්නරය සඟරාව ද එළි දක්වනු ලැබයි. පීඨ භූමියට වසන්තයක් ගෙන එමින් යටපත් වන කලා කුසලතාවන් කරළියේ අභිෂේක ගන්වන  ගිරිහිසින් උදා සඳ කලා මංගල්‍ය සබරගමු සරසවි මාතාවට ආලෝකයක් මෙන්ම අභිමානයකි.







සටහන - මනකා රත්නායක

දර කන්ද

No comments:

Post a Comment