Wednesday, August 10, 2016

වෙනස් වන සංස්කෘතිය සහ නොවෙනස් වන සංස්කෘතික අංග. හසිතා අනුරුද්ධි බණ්ඩාර


       
          සංස්කෘතිය හා  සමාජය  අතර පවතින්නේ අවියෝජනීය සමබන්ධයකි. සමාජයක් පවතින්නේ සංස්කෘතියක් තිබෙන නිසා ය. සෑම සමාජයකට ම එයට ම ආවේණික සංස්කෘතියක් තිබේ. නමුත් සංස්කෘතිය යනු අතීතයේ පැවති සමාජීය ප්‍රපංචයන් මත පමණක් පදනම වන දෙයක් ලෙස සළකන්නේ නම් එය වැරදි ය. සංස්කෘතිය පිළිබ‍ඳ  ඊ . බී  ටේලර්ගේ නිර්වචනය මෙසේ  ය.
Add caption


  "සංස්කෘතිය යනු  දැනුම, විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය,ආචාරධර්ම, සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබ‍ඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි".

            මේ අනුව පැහැදිලි වන්නේ සංස්කෘතිය යනු උගත් චර්යාවක් බව යි. සංස්කෘතිය යනු මිනිසාට ජීව විද්‍යාත්මකව උරුමවූවක් නොව,සමාජීය සත්වයෙකු ලෙස ඉගෙන ගත් දෙයකි. මවුපියන්ගෙන් තමා අවට සිටන අයගෙන් මිනිසා කඩා කල සිට ම සමාජානුයෝජනය වෙයි මෙමගින් මිනිසා ස්වකීය සංස්කෘතියට පිවෙෙයි. මිනිසාට සංස්කෘතිය විශ්වය වටිනාකමකින් යුත් ප්‍රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුනුත් අතර ඇති පරතරය පෙන්වා දෙයි.
           ඉහත සඳහන් කළ අන්දමට සංස්කෘතිය උගත් චර්යාවකි. ලාංකේය සංස්කෘතියට අයත් සිරිත් විරිත් ආදිය සංස්කෘතික අංග ෙෙස පරමපරාෙෙන් පරමපරාවට පැවතෙෙන එයි. නමුත් සංස්කෘතිය වෙනස් වෙයි. මෙය අපූරු දෙයකි.
            මිනිසාගේ අවශ්‍යතාවන් අනුව සංස්කෘතිය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස විදුලිය නොමැත් කාලයේ බැටරි භාවිත කරමින් ගුවන් වදලි වැඩසටහන් ඇසීමට පවුලේ සැවොම එකට එක් රැස් වන සංස්කෘතියක් අතීතයේ තිබිණ. නමුත් විදුලිය ලැබීම සහ රූපවාහිනියේ ආගමනය නිසා එම සංස්කෘතිය නැති ව ගියේ ය. එමෙන් ම අතීතයේ ටීටර් ගම්මඩු සොකරි ආදිය බැලීමට මනිසුන් ඒකරාශී වන්නේ පුරුද්දක් වශයෙනි. නමුත් වර්තමානයේ මේවා හුදු ප්‍රාසාංගික අංග වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ද භාවිත කරමින් සිදු කරයි. එමෙන් ම අතීතයේ පැවති වෙසක් උත්සවය අදට වඩා වෙනස් ය. ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අතීතයේ එය පැවතුන ද වර්තමානයේ ආමස පූජාවන්ට මුල් තැන ලබා දෙයි. වෙසක් පත් යැවීම පන්සලින් බැහැර ව විවිධ පිංකම් කිරීම කතෝලික ආගමත් සමග සංස්කෘතිය වෙනස් වීමෙන් ලද දේවල් ය.        
           


සංස්කෘතියේ ස්වරූපය කාලීන අවශ්‍යතා අනුව වෙනස් වුව ද සංස්කෘතික අංගවල මූලික හරයන් වෙනස් ව නොමැත. උදහරණයක් ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර පෙර ලෙස ම අදටත් පවත්වාගෙන යයි. එමෙන් ම අතීතයේ සිට පැවති පෙරහැර සංස්කෘතිය අදටත් පවතී තව ද ලාංකේය බෞද්ධ සංස්කෘතියට ම අනන්‍ය වචන වන වළඳනවා වඩිනවා වැනි පද එදා ලෙස ම අදටත් පවතී. ලාංකේය සංස්කෘතිය යන අනන්‍යතාව රැදී පවතින්නේ මෙම ලක්ෂණ හේතුවෙනි.






 ලංකාව බහු ජාතික සංස්කෘතික රටකි. ඒ අනුව ද්‍රවිඩ කතෝලික මුස්ලිම් යන ආගම් වල ද ලංකාවට අනන්‍ය වූ ලක්ෂණ පවතී.

                         කෙසේ වෙතත් සංස්කෘතිය කලින් කලට වෙනස් වුව ද සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණ සංස්කෘතික අංග වෙනස් නො වන බව මන් පැහැදිලි වේ.
                 
 හසිතා අනුරුද්ධි බණ්ඩාර
                    11/SL/050  
                    EA 3291

No comments:

Post a Comment