Saturday, July 23, 2016

සොඳුරු හිතැත්ති. . . . .





  ප්ත ස්වරයේ නාදය කෙතරම් මිහිරි දඑලෙසම තම ජීවිතයේ අරුත විදින්නට වෙර දරන ඈ නමින් ඩී.එම්. ජානකී දිල්රුක්ෂී වන්නී ය. කෑගල්ල දිස්ත්‍රීක්කයේ යටියන්තොට ගමේ උපන් ඈ ඩී.එම්. ගුණරත්න පියාණන්ගේ සහ ඩී.එම්.නාලිනී පද්මලතා මෑණියන්ගේ දෙටු දියණිය යි. ජානකීගේ පියා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන අතර මව ගෘහණියකි. වැඩිමහල් සහ බාල සහෝදරියන් දෙදෙනාගේ ආදරය හිමි ඈ කුඩා කල සිට ම කලාවට ලැදි වූවා ය.
 
 දෙහිඕවිට මලල්පොල මහ විද්‍යාලයේ සිප් සතර හැදෑරු ඈ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවා ය. ගුරු දෙගුරුන්ගේ නොමැද ආදරය මැද තම අධ්‍යාපන කටයුතු මෙන්ම අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලින් දස්කම් පෑහ. කලාව කෙරෙහි තිබූ ලැදියාව නිසා ම පාසලේ දී සංගීතය විෂය හදාරන ලද ඈ සංගීත අංශයෙන් දස්කම් පෙන්වීය.  ඇය ජනගායනා තරවලින් ජයග්‍රහණ දිනා ගත්තාය.  වයලීනය වාදනයට ප්‍රිය කල ජානකී පාසල් සංගීත කණ්ඩායමේ වයලීන් වාදන ශිල්පිනියකි.  නර්තන තරඟවලට ද තම වාදනයෙන් දස්කම් දැක්වූ ජානකී ක්‍රීඩාවන් කෙරෙහි ද කෞෂල්‍යයක් දැක්වූවා ය. නෙට්බෝල්වොලිබෝල්යගුලිය දැමීමහෙල්ල විසිකිරීමකවපෙත්ත විසිකිරීම ආදී ක්‍රීඩා ඉසව්වලින් දක්ෂතාව විදහා දැක්වූ ඇය පාසල් ජීවිතයේ සුන්දරත්වය වින්දනය කළා ය.  සාහිත්‍යයට ද ඇලුම් කළ ඕ රචනා ලිවීමකවි නිර්මාණය ආදී නිර්මාණාත්මක සාහිත්‍ය කලාවන්ගෙන් තම සාහිත්‍ය හැකියාව පෝෂණය කර ගත්තා ය.  පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ ජානකී ශිෂ්‍ය නායිකාවක් සහ කාව්‍ය සංගමයේ ලේකම් ලෙස තනතුරු හොබවන ලදී.  ගුණවත්කමසිරිත් විරීත්සාරධර්ම ඇගේ ජීවිතයට  එක්කර ගැනීමට මලල්පොල ශ්‍රී ශෛලතලාරාම දහම් පාසල රුකුලක් වූ බව නම් නිසැක ය. දහම් දැනුම තරඟවලින් ඉදිරියට ගිය ජානකී ධර්මාචාර්ය විභාගය ද සමත් ය.

2011 වසරේ දී  අ. පො. ස. උසස් පෙළ විභාගය සඳහා කලා අංශයෙන් සිංහලබෞද්ධ ශිෂ්ටාචාරයඉතිහාසය යන විෂයන් හදාරා ඉතා උසස් ලෙස සමත් වී සරසවි වරම් ලබා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට තේරී පත් විය. වසර 40 ක පාසල් ඉතිහාසය තුළ පළමු වරට සරසවි වරම් ලබාගත් ප්‍රථම ශිෂ්‍යාව ලෙස තම විදු මෑණියන්ට අභිමානයක් එක් කර  නොමැකෙන මතක සටහන් තබන්නට ඇයට හැකි වූයේ පාසල් ජීවිතයෙන් ලද පන්නරය නිසා ම ය.


 දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තෙ වන වසර ඉගෙනුම ලබන ජානකී කා අතරත් ජනප්‍රිය චරිතයකි. ඇගේ කෙළිලොල් සිනහවත් කා සමඟත් දක්වන සුහඳශීලිත්වයත් නිසා ම සරසවි ජීවිතය ද ඇයට සොදුරු මතකයන් එක් කරනු නොඅනුමානය.  පාසල් කාලයේ සිට සාහිත්‍යට තිබූ රුචිකත්වය නිසා ම ඇය මේ වනවිට සිංහල විශේෂවේදී උපාධි පාඨමාලාව හදාරන අතර තම අනු විෂය ලෙස චීන භාෂාව හදාරයි.  විශ්වවිද්‍යාලය තුළ සිංහල භාෂා සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරයි.  සාහිත්‍යට ඇලුම් කරන ඇය නවකතාවට වැඩි රුචිකත්වයක් දක්වන අතර ඒ හැර පරිවර්තනකෙටිකතා ආදී සාහිත්‍ය කලාවන්ගේ ඇසුර ලබන්නී ය.



 “මගේ අනාගත බලාපොරොත්තුව දිසාපති කෙනෙක් වෙන්න. ඒක මගේ පුංචි කාලෙ ඉදල ම තිබුණ හීනයක්.  මගේ අරමුණ නීති විරෝධී වැඩවලින් මිදුන යහපත් සමාජයක් බිහි කිරීම යි.  මං හිතනවා ඒකට මට සිංහල විෂය ලොකු උදව්වක්  වෙයි කියලා.”

කලාව මිනිසත්කම හදුනන සොදුරු මිනිසෙකු බිහි කරයි. යහපත් චේතනාවන් කෙදිනක හෝ ඉටුවෙනවා සේම උත්සහයඋනන්දුවකැපවීම ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙයි.  සයුරේ රළ හැඩ වන්නේ ගල්පර මත හැපී කැළඹී වෙරළට එන විටයි.  අපගේ ජීවිතය ද එලෙස ම යි. ‘කොපමණ ගල් බොරලු තිබුනත් අතරමඟ යා යුතු තැනට යා යුතුමය ගලන ගඟ යන කියමන පසක් කරමින් තම ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ජීවිත යාත්‍රාවේ ඉදිරිය බලා ගමන් කරන ජානකී සැබැවින්ම සොදුරු මුවැත්තියකිහිතැත්නියකි. 


අාදර කන්ද
සටහන - මේනකා රත්නායක

No comments:

Post a Comment