Friday, July 22, 2016

ජීවිතයට ලේඛනය සවියකි නිරන්තර - ධනුෂ්ක චන්දන















ලේඛන කුසලතාවය වනාහී කලාතුරකින් හිමිවන වාසනා ගුණයට ලැබෙන්නා වූ  හැකියාවකි. මෙකී හැකියාවෙන් පූර්ණ වූ චලනි දිලේෂා ආරියසේන ස්වකීය දක්ෂතා පාසල් කාල සීමාවෙන් මතු නොව විශ්වවිද්යාල දිවියේ ඔප මට්ටම් කර ගනු ලැබූ තැනැත්තියක ලෙස හඳුන්වා දිය හැකිය

හම්බන්තොට දිස්ත්රික්කයේ වලස්මුල්ල  නම් සුන්දර ග්රාමයේ ජන්මය ලැබූ චලනි ස්වකීය පාසල් දිවිය ගතකරනු  ලැබුවේ / වලස්මුල්ල ජාතික පාසලේ. පාසල් කාල සීමාවේදී  සාහිත් කෙරේ ස්වකීය බලවත් උනන්දුව ඇය යොමු කරනු ලැබුවේ මහත් අභිරුචියෙනි. පාසල් පුස්තකාලයේ නිරන්තරව දැකිය හැකි වූ චලනි ස්වකීය සාහිත්යමය දැනුම හරහා වඩාත් ඔප මට්ටම් කර ගනු ලැබිණි. එනම් ඇගේ ලේඛනමය දක්ෂතාවය වඩාත් ඉස්මතු වනුයේ 2004,2005,2006  යන වර්ෂවල දී කෙටිකතා රචනය තරඟ අංශයෙන් කලාප, පළාත්, ප්රථම හා ජාතික මට්ටමේ තෙවන ස්ථානය වසර තුනේදීම ලබා ගැනීමෙනි. 

මෙහි තවත් ඇගේ දක්ෂතා ඉස්මතු වන අවස්ථාවක් වනුයේ 2008  සංස්කෘතික අමාත්යාංශය මගින් පැවැත්වූ ශිෂ් අත් පිටපත් තරඟාවලියක් සඳහා ඉදිරිපත් කල නවකතාවක් වූ නටුවෙන් ගිලිහුණු රෝස මලක් රචනය ජයග්රහණය කිරීමයි. උක්ත නිර්මාණය 2008 සැප්තැම්බර් මස ජාතික සාහිත් උත්සවයේ දී කෘතියක් ලෙස එළි දක්වන ලදී .

ජීවිතය වනාහී සියල්ල සමබරව තබාගත යුතු විශේෂිත වූ අභියෝගයක් කිවහොත් නිවැරදි වේ. එලෙසින්ම එක් අංශයට පමණක් බර නොවී ස්වකීය ලේඛනමය කුසලතාව වැඩිදියුණු කර ගනු ලැබුවා  පමණක් නොව පාසල් අත් පන්දු හා දැල් පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ක්රීඩා ක්ෂේත්රයේ දී ස්වකීය දක්ෂතාවයන් දක්වන ලදී.

පාසල් කාලසීමාවේ තීරණාත්මක අවධිය වන උසස් පෙළ කඩඉම කලා අංශයෙන් තරණය කිරීමට ඉටාගත් චලනි ස්වකීය ඉලක්කය සාර්ථකව ජයගෙන ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයට සරසවි වරම් හිමි කර ගත්තාය.

ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයේ , සමාජීය විද්යා හා භාෂා පීඨයේ  අධ්යයන කටයුතු හදාරන චලනි සිංහල විෂය ප්රධාන විෂය ලෙසත් සමාජ විද්යාව අනු විෂය ලෙසත්  තෝරා ගනිමින් සාමාන් උපාධියක් සම්පුර්ණ කරනු පිණිස අධ්යයන කටයුතු කරනු ලබයි.

විශ්වවිද්යාල දිවියද හුදු අධ්යයන කටයුතු සඳහාම  පමණක් වැයනොකොට ඇය ස්වකීය දායකත්වය අන්තර් පීඨ තරඟවලදී පීඨය නියෝජනය කරමින් නොඅඩුව ලැබ දී ඇත. අනුව ඇය සමාජීය විද්යා හා භාෂා පීඨයේ පීඨ අත් පන්දු, කැරම්, එල්ලේ, කණ්ඩායම් නියෝජනය කරමින් ජයග්රහණ ලැබ ගැනීමට දායක වී ඇත. 

ගුරුවරියක ලෙස සමාජයට වැඩදායී තැනැත්තියක බවට පත්වීම ඇගේ මුලික අරමුණක් වන අතර ලේඛනයෙන් ස්වකීය දක්ෂතා තවදුරටත් ඔප් නංවා ගැනීමත් ඇගේ ප්රමුඛතම අරමුණ වේ.

ධනුෂ්ක චන්දන

No comments:

Post a Comment