Friday, July 22, 2016

චමත්කාර අර්ධ වාර්ෂික සඟරාව - ධනුෂ්ක චන්දන






සාහිත්‍ය වූ කලී ඕනෑම ජීවිතයකට ලංවිය හැකි අතිශය සංවේදී කලා මාධ්‍යයකි. එවන් මාධ්‍යයක් හරහා සමාජයට කළ හැකි බලපෑම සුවිසල් වේ. සමාජීය විද්‍යා හා භාෂා පීඨය වශයෙන් අප පීඨයේ පීඨ ශිෂ්‍යයන් විසින් පළ කරනු ලබන්නා වූ  සාහිත්‍යමය වාර ප්‍රකාශනයක් මෑත කාලය වන තුරුත් නොතිබුණි. කෙසේ නමුදු උක්ත අඩුපාඩුව මකාලනු වස් සහ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරත අංකුර සාහිත්‍යධරයින්ට ස්වකීය හැකියාවන් විදහා පෑම සදහා ගුණාත්මක අවකාශයක් සපයා දීම උදෙසා චමත්කාර අර්ධ වාර්ෂික සඟරාව ප්‍රකාශනයට පත් කිරීම ආරම්භ කරන ලදී. එහි මුල්ම කලාපය 2014 ජූලි- දෙසැම්බර් කාලයට අදාළව පළ කරනු ලැබිණි. මේ වන විට චමත්කාර සගරාවේ කලාප ද්විත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.




මසැසින් මනසට යන තේමා පාඨය මූලික කර ගනිමින් හුදෙක් බුද්ධියට ආමන්ත්‍රණය කිරීම උදෙසා කටයුතු කිරීම මූලිකම අරමුණ වශයෙන් තබාගෙන ප්‍රකාශයට පත් කරන්නාවූ චමත්කාර සඟරාව ISSN-2465-566x දරණ අංකය යටතේ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ ලියාපදිංචි කරනු ලැබ තිබේ.



පීඨයේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යයන්ගේ (2009/10) කණ්ඩායමේ මැදිහත්වීම මත ආරම්භ කරනු ලැබූ මේ සාහිත්‍යමය ව්‍යයාමය මේ වන විට පීඨ ශිෂ්‍ය සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රකාශයට පත් කරයි.
 

හුදු තවත් එක් ප්‍රකාශනයකට සීමා නොවී පැතිරැණු වපසරියක දැනුම් පරිමාවක් පාඨකයන්ට ලබා දීම උදෙසා විශේෂාංග කිහිපයකින් අප සඟරාව සමන්විත වෙයි. අවසාන වශයෙන් චමත්කාර සඟරාවේ දෙවන කලාපය 2015 දෙසැම්බර් මස 16 දින ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති ආචාර්යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එලිදැක්වීමේ උළෙලකිනි.


පීඨයේ මතු නොව විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාර්ථීන්ගේ සාහිත්‍යයමය කුසලතා එළිදක්වනු වස් සමාජයේ පුද්ගලයන්ගෙන් මූල්‍යමය දායකත්වය ලැබ ගනිමින් සිදු කරනු ලබන්නාවූ මෙම සාහිත්‍යමය ව්‍යායාමය හුදු සාහිත්‍යයේ ප්‍රබෝධය සඳහාම වෙයි. 


ධනුෂ්ක චන්දන


No comments:

Post a Comment