Friday, July 22, 2016

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය - නදීෂා පියුමාලි



                             ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


මිහිකතින් මිණි මතුවන්නා වූ රත්නපුර දිස්කයේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, සුන්දර බෙලිහුල්ඔයට ආභරණයක් බඳු සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටා ඇත. ආදර කන්ද පාමුල සමනළ වැවේ පහස ලබමින් කඳු වළල්ලෙන් සිප ගන්නා වූ  මහවලතැන්න සානුව ආශ්‍රිත රමණීය භූමියක පිහිටා ඇත.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සමාජීය විද්‍යා හා භාෂා පිඨය, කළමණාකරණ අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පිඨය, කෘෂි විද්‍යා පිඨය සහ භූ විඥාපන පීඨය යන පීඨ පහකින් සමන්විත වන අතර දෙපාර්තමේන්තු 15ක් යටතේ උපාධි පාඨමාලා 14ක් සඳහා උපාධි පිරිනමනු  ලබයි.ආරභයේ දී කළමණාකරණ අධ්‍යනාංශය හා සමාජ විද්‍යා අධ්‍යනාංශය වශයෙන් පීඨ දෙකකින් ආරම්භ විය. ගරු මහාචාර්ය ජේ. ඩබ්. ජී. සී. සෝමසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යන පාඨමාලා 4කින් සමන්විතව මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී.


වර්තමාන පීඨාධිපතිවරුන්  ලෙස,

ව්‍යවහාරික විද්‍යා පීඨය        මහාචාර්ය ආර්.ඇම්.යූ.එස්.කේ. රත්නායක
කෘෂි විද්‍යා පීඨය                  -   ආචාර්ය රෝහිත රෝසෙයිරෝ
භූ විද්‍යා පීඨය                       ආචාර්ය එච්.එම්.අයි. ප්‍රසන්න
කළමණාකරණ අධ්‍යන පීඨය ආචාර්ය වසන්ත රත්නායක
සමාජීය විද්‍යා හා භාෂා පීඨය  ආචාර්ය මනෝඡ් ආරියරත්න

විශ්වවිද්‍යාල ව්‍යුහය


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය පීඨ පහකින් සමන්විත වෙයි. නම්,



සමාජීය විද්‍යා හා භාෂා පීඨය
කළමනාකරණ අධ්‍යයන පීඨය  
භූ විඥාපන පීඨය  
ව්‍යවහාරික විද්‍යා පීඨය 
කෘෂි විද්‍යා පීඨය
                      වශයෙනි.
  
සමාජීය විද්‍යා හා භාෂා පීඨය

1991 වර්ෂයේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වූ මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භක පීඨ ද්විත්වය අතරින්  එකකි. වර්තමානයෙහි අධ්‍යනාංශය 05ක් යටතේ ක්‍රියාත්මක වෙයි.

සමාජ විද්‍යා අධ්‍යනාංශය
භාෂා අධ්‍යනාංශ
ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය අධ්‍යනාංශය 
භූගෝල විද්‍යා අධ්‍යනාංශය


වත්මනෙහි සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් වශයෙන් ක්‍රියාත්මකව පවතී.




කළමනාකරණ අධ්‍යයන පීඨය

1991 වර්ෂයේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භක පීඨ දෙකෙන් එකකි. අධ්‍යනාංශ දෙකක් යටතේ ආරම්භ වූ මෙම පීඨය වර්තමානයේ අධ්‍යනාංශ 4ක් යටතේ පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි. ඒවා නම්,

ගණකාධිකරණ හා මූල්‍ය අධ්‍යනාංශය
 ව්‍යාපාර කළමනාකරණ අධ්‍යනාංශය
 සංචාරක කළමනාකරණ අධ්‍යනාංශය
අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය

ව්‍යාපාර අධ්‍යයන පීඨය ලෙස තුන් අවුරුදු පාඨමාලාවක් වශයෙන් ආරම්භ වූ පීඨය වත්මනෙහි සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් වශයෙන් ස්ථාපිත ව පවතී.
   
භූ විඥාපන පීඨය

1997. 11. 10 වන දින ශ්‍රී ලංකාවෙs ප්‍රථම සහ එකම විශ්වවිද්‍යාලයීය මැනුම් විද්‍යා උපාධි පාඨමාලාව ආරම්භ වී අපමණ කැපකිරීම් හා අනේකවිධ  දුෂ්කරතා මධ්‍යයයේ ලැබූ සිසු ජයග්‍රහණ මතින් දකුණු ආසියාවේ එකම භූ විඥාපන පීඨය වශයෙන් ඉදිරි ගමනකට පා තබා ඇත.


ව්‍යවහාරික විද්‍යා පීඨය


1992 ගම් උදාව යටතේ ඉදිකළ ගොඩනැගිල්ලක 1993 ජුනි 21 වන දින ව්‍යවහාරික විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ ලෙස ස්ථාපිත විය. 1995.11.07 දින ගැසට් නිවේදනය මගින් සබරගමුව විශ්ව විද්‍යාලය තුල ව්‍යවහාරික විද්‍යා පීඨය ස්ථාපිත විය.



ප්‍රථමයෙන්ම පාඨමාලා 03ක් ආරම්භ විය.


ස්වභාවික සම්පත් උපාධි පාඨමාලාව
ආහාර විද්‍යා උපාධි පාඨමාලාව
භෞතික විද්‍යා උපාධි පාඨමාලාව

2007.10.20 දින බුත්තල අතහැර පැමිණි අතිත සිසු විරුවන් සබරගමුව බෙලිහුල්ඔය මව් පරිශ්‍රයට පා තැබූහ. අනතුරුව,

ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරණය
ශාරීරික අධ්‍යාපනය
ආගණන හා තොරතුරු පද්ධතිය

යන පාඨමාලා ව්‍යවහාරික විද්‍යා පීඨයට එකතු විය. 2010.03.01 දින නව පීඨ සංකීර්ණයට මුල්ගල තබන ලද අතර 2012.03.31 වන දින විවෘත කරන ලදී.

කෘෂි විද්‍යා පීඨය

1995 නොවැම්බර් 05 වන දින ඌව පළාතේ බොරලන්ද, රහංගල පිහිටි බීජ අර්තාපල් ගබඩා කිරීම සඳහා යොදා ගත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට එකී පරිශ්‍රයේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කළ අතර පසුව 1995 නොවැම්බර් 07 දින ස්ථාපිත කරන ලද සබරගමුව ජාතික විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨය බවට පත් විය. මෙම පීඨය තුළ කෘෂි ව්‍යාපාර කළමනාකරණ, පශු සම්පත් සහ සත්ත්ව නිෂ්පාදන කෘෂි අධ්‍යයන භෝග ලෙස අධ්‍යනාංශ 03ක් යටතේ පාඨමාලා ක්‍රියාත්මක වෙයි.
 





බෙලිහුල්ඔයෙහි පහස ලබමින් ස්වභාවධර්මයෙන් අනූන වටපිටාවක පිහිටා ඇති සබරගමුව විශ්ව විද්‍යාලය තුල සිසු සිසුවියන් කෙළිදෙලෙන් කාලය ගත කරන සොඳුරු ස්ථාන රාශියක් රාශියක් දක්නට ලැබේ. සබරේ වල ඒ අතර සුවිශේෂී වෙයි. විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටිය, පිහිනුම් තටාකය ආකර්ෂණීය බව තවත් තීව්‍ර කරයි. නිරන්තරයෙන් මිහිදුම් වළල්ලකින් සිප ගන්නා කඳු පන්තිය විශ්ව විද්‍යාලයේ චමත්කාරවත් බවට මොනවට නිදසුන්ය.




සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ,ලංකාව.
 
ආදර්ශ පාඨය           -   නත්ථි පඤ්ඤා සමා ආභා

පිහිටුවන                  -  1991

වර්ගය                     -   ජාතික
 
කුලපති          -   මහාචාර්ය  පූජ්‍ය කඹුරුගමුවේ වජිරඥානහිමි

උප කුලපති   -  මහාචාර්ය   චන්දන පී. උඩවත්ත
 
පරිපාලන කාර්ය මණ්ඩලය    -    200

උපාධි  අපේක්ෂකයන්            -   4250

පිහිටීම             -     බලංගොඩ, රත්නපුර,                              ශ්‍රී ,ලංකාව


 
මෙම විශ්වවිද්‍යාලය තවත් එක් සුවිශේෂි විශ්වවිද්‍යාලයක් වශයෙන් විශ්වවිද්‍යාල  පද්ධතිය හා අත් වැල් බැඳ ගනිමින් දැයේ දූ දරුවන්ගේ සුවහසක් අපේක්ෂාවන් යතාර්ථයක් බවට පත් කිරීම උදෙසා කැපවෙයි. 



ආදරකන්ද 

නදීෂා පියුමාලි

No comments:

Post a Comment