Friday, July 22, 2016

කලාවට හිත බැඳි ඇය - නදීෂා පියුමාලි





ස්වභාවධර්මයේ චමත්කාරයෙන් අනූන මනස්කාන්ත වූ ප්‍රදේශයක් වන බණ්ඩාරවෙල, බද්දෙවල ඇයගේ ගම්

රදේශයයි. ස්වභාවධර්මයෙන්ම ලද සන්සුන් බව සැහැල්ලුව තම ජිවිතය හා සංස්පර්ෂණය කර ගනිමින්  නිහතමානිකම තම ජීවිතයට ආභරණයක් කර ගත් ඇය නමින් උමේෂා මධුමාලි ය.



1992 ජුලි 26 වන දින සිරිපාල සහ ලිලාවති දෙපලට දාව උපන් උමේෂා වැඩිමහල් සහෝදරයකු සහ බාල නැගණියකගෙන් යුත් පවුලේ දෙ වැනි දරුවා ය. / ගවරෙවල විද්‍යාලයෙන් පාසල් දිවියට මුල පිරූ ඇය කලා අංශයෙන් අංශයෙන් උසස් පෙළ හදාරන්නේ සිංහල, දේශපාලන විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන් ඔස්සේ ය.



පාසල් දිවියේ පටන් සිංහල සාහිත්‍යට කලාවට ප්‍රිය කළ උමේෂා පාසලේ විවිධ කලා කටයුතුවලදී ඉදිරියෙන් සිටියා ය. පාසලේ ශිෂ්‍ය නායිකාවක් වශයෙන් නියෝජනය කළ ඇය ගුරු සිසු කාගෙත් සිත් බැඳ ගන්නේ ඇගේ දක්ෂතාව නිහතමානිකම මෙන්ම සොඳුරු සිනහවද කැටි කරමිනි.



උසස් පෙළ විභාගය සමත්ව සරසවි වරම් ලබමින් ශ්‍රී ලංකා සබරගමුව සරසවියෙන් සිය උසස් අධ්‍යාපනයට ආලෝකයක් එක් කර ගත්තේය. සබරගමුව සරසවියේ සමාජිය විද්‍යා හා භාෂා පීඨයේ තෙවන වසර සිසුවියකු ලෙසින් සංල විශේෂවේදි උපාධිය හදාරයි. විශ්වවිද්‍යාල දිවිය තුළ ද යහළු යෙහෙළියන් අතර සොඳුරු චරිතයකි. නිසදෙස් කවි රචනා කිරීමට දක්ෂ ඇය තම පරිකල්පන ශක්තිය පන්හිදෙන් ඔපවත් කරන්නේ ඇගේ නිර්මාණශීලීත්වය ප්‍රකට කරමිනි.



අයුක්තිය අසාධාරණය ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපනයෙන් ලද පන්නරය ද තම ජීවිතයට පහන් ටැබක් කර ගන්නා ඇය සමාජයට යහපත් පුරවැසියකු වීම අභිලාෂයෙන් කටයුතු කරයි. ජිවිතය නැමති නදිය තුළ හමුවන ගල් පර නැමති බාධක අභියෝග හමුවේ නොසැලී ගලා යන්නාක් මෙන් ජීවිතය නැමති යාත්‍රාවේ ද නොසැලි අභියෝගවලට මුහුණු දෙන ඇය මනා සොඳුරු රුවත්තියකි.

 

ආදරකන්ද 

නදීෂා පියුමාලි

No comments:

Post a Comment