පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා
-නාලක ගුණවර්ධන
ටයිටස් තොටවත්ත සූරීන් අඩ සියවසක් පුරා රූප, නාද හා වචනවලින් හපන්කම් රැසක් කළා.
සිංහල සිනමාවේ තාකෂණික වශයෙන් අති දකෂ සංස්කාරකයකු හා චිත්‍රපට අධ්‍යකෂවරයකු හැටියට ඔහු කළ
නිර්මාණ වඩාත් මතක ඇත්තේ අපේ දෙමවුපියන්ගේ පරම්පරාවට. ලංකාවේ පළමුවන ටෙලිවිෂන්
පරම්පරාවට අයිති මා වැනි අයට තොටවත්තයන් සමීප වූයේ ටෙලිවිෂන් මාධ්‍යයෙන් නව මං
සොයා යාම නිසයි. මේ නිසා ඇතැම්
දෙනකුට ටයි මහත්තයා වූ ඔහු, මගේ පරපුරේ අයට
‘ටයි මාමා’. ටෙලිවිෂන් තිරය මතුපිට මෙන් ම එය
පිටුපසත් මෙතරම් විවිධ දස්කම් පෙන්වූවන් අපේ ටෙලිවිෂන් ඉතිහාසයේ දුර්ලභයි. ටයි මාමාගේ ටෙලිවිෂන්
දායාදය ගැන ටිකක් කථා කරන්නේ ඒ
නිසයි.
ලෝකයේ ඕනෑ ම සංස්කෘතියක ඇති හොඳ දෙයක් සොයා ගෙන එය අපට
දිරවා ගත හැකි, අපට ගැලපෙන
ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට දේශීයකරණය කියා කියනවා. මා වඩා කැමති යෙදුම ‘අපේකරණයයි’. අපේ ටයි මාමා අපේකරණයට ගජ හපනෙක්!
1982 වසරේ රූපවාහිනී සංස්ථාව අරඹා මාස කිහිපයක් ඇතුළත එයට එක්
වූ ටයි මාමා, ලංකාවට නැවුම් හා ආගන්තුක වූ මේ නව
මාධ්‍යය අපේකරණයට විවිධ අත්හදා බැලීම් කළා. පුරෝගාමී ටෙලි නාට්‍ය කිහිපයක් මෙන් ම වාර්තා
වැඩසටහන් ගණනාවක් ද ඒ
අතර තිබුණත් අපට වඩාත් ම සිහිපත් වන්නේ ඔහු කළ හඩ කැවීම් හා උපශීර්ෂ යෙදීම්
ගැනයි.
රූපවාහිනී සංස්ථාවේ හඩ කැවීම් හා උපශීර්ෂ සේවාව ඇරඹුවේ 1984දී. එයට දිගු කල් දැක්මක් හා තාකෂණික අඩිතාලමක්
ලබා දුන්නේ ටයි මාමායි. අළුත ඇරැඹුණු නව මාධ්‍යයෙන් විකාශය කරන්නට අවශ්‍ය තරම් දේශීය වැඩසටහන්
නොතිබුණු, එමෙන්ම දේශීය නිර්මාණ
එක්වර විශාල පරිමානයෙන් කරන්නට නොහැකි වුණු පසුබිමක් තුළ තෝරා ගත් විදෙස් වැඩසටහන් මෙරට
භාෂාවලට පෙරළා ගැනීම ටෙලිවිෂන් මුල් දශකයේ එක් උපක්‍රමයක් වුණා.
මේ අනුව සම්භාව්‍ය මට්ටමේ විදෙස් වාර්තා චිත්‍රපට, නාට්‍ය හා කාටුන් කථා
සිංහලයට හඩ කැවීම හෝ උපශීර්ෂ යෙදීම ටයි මාමාගේ නායකත්වයෙන් ඇරඹුණා. මුල්
කාලයේ තාකෂණික පහසුකම් සීමිත වුණත් නිර්මාණශීලීව ඒ අඩුපාඩුකම් මකා
ගෙන ඔවුන් ඉතා වෙහෙස මහන්සිව වැඩ කළා. විදෙස් කෘතීන්ගේ කථා රසය නොනසා, අපේ බස ද නොමරා හොඳ හඩ කැවීම් හා
උපශීර්ෂ යෙදීම් කරන සැටි පෙන්වා දුන්නා. මේ ගැන මනා විස්තරයක් නුවන් නයනජිත්
කුමාර 2009 දී ලියූ ‘සොඳුරු අදියුරු සකසුවාණෝ’ නමැති තොටවත්ත අපදානයේ හතරවැනි
පරිච්ඡේදයේ හමු වනවා.
එහි එක් තැනෙක ටයි මාමා ආවර්ජනය කළ පරිදි: “හැම ප්‍රේකෂකයකු විසින් ම රස විඳිය යුතු
ඉතා උසස් ගණයේ ඉංග්‍රීසි වැඩසටහන් බොහොමයක් තිඛෙන වග වැටහුණේ රූපවාහිනියට
බැඳුණාට පසුවයි. ඒත් අපේ රටේ කීයෙන් කී දෙනාට ද ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්නට පුළුවන්. උපසිරැසි
යොදා හෝ හකවා හෝ එම චිත්‍රපට වැඩසටහන් විකාශය කිරීමට මා උනන්දු වුණේ ඒ නිසා…ඒවාහි අපට ඉගෙන ගත හැකි ආදර්ශවත් දෑ
කොතෙකුත් තිඛෙනවා. කාටුන් වැඩසටහන්වලට පුංචි එවුන් පමණක් නොවෙයි, වැඩිහිටි අපිත් කැමැතියි. මා උත්සාහ කරන්නේ ඒ හඩ කැවීම්
වුණත් අපේ දේශීයත්වයට හා
රුචිකත්වයට අනුකූලව සකස් කරන්නයි. එහිදී මා යොදා ගන්නා දෙබස් හා උපසිරස්තල
අපේ සංස්කෘතියට සමීප ව්‍යවහාරයේ පවතින දේයි.”
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කථා ඇසුරෙන් නිර්මිත
ඉංග්‍රීසි වැඩසටහනක් ‘අහල පහල’ හා ‘ලොකු බාස් – පොඩි බාස්’ නමින් සිංහලට හ~ කවා මුල් වරට විකාශය කළේ 1985 පෙබරවාරි 15 වනදා. එතැනින් පටන් ගත් විදෙස් වැඩසටහන් අපේකරණය
විවිධාකාර වූත් විචිත්‍ර වූත් මුල් කෘතීන් රාශියක් මෙරට ටෙලිවිෂන් ප්‍රේකෂයන්ට
දායාද කළා. මේ අතරින් ඉතා ජනාදරයට පත් වූයේ ලෝක ප්‍රකට කාටුන් වැඩසටහන්. (ටයි
මාමාගේ යෙදුම වූයේ ‘ඇසිදිසි සැකිලි
රූ’.)
Titus Thotawatte saved young Rupavahini from over-zealous
intellectuals
උදාහරණයකට ‘දොස්තර හොඳ හිත’ කථා මාලාව ගනිමු. එහි මුල් කෘතිය Dr Dolittle නම් ලෝක ප්‍රකට ළමා කථාවයි. හියු ලොෆ්ටිං (Hugh Lofting) නම් බ්‍රිතාන්‍ය ලේඛකයා 1920 සිට 1952 කාලය තුළ දොස්තර ජෝන් ඩූලිට්ල් චරිතය වටා ගෙතුණු කථා පොත් 12ක් ලියා පළ කළා. සතුන්ට කථා කළ හැකි, කරුණාවන්ත හා උපක්‍රමශීලි වෛද්‍යවරයකු වන
ඔහු මිනිසුන් හා සතුන්ගෙන් සැදුම් ලත් මිතුරු පිරිසක් සමඟ නැවකින් ගමන් කරනවා. ඔහුට එදිරිවන
මුහුදු කොල්ලකරුවන් පිරිසක් — ‘දිය රකුස්’ සහ ඔහුගේ සගයෝ — සිටිනවා. මේ පොත් පාදක කර ගෙන වෘතාන්ත
චිත්‍රපට ගණනාවක්, වේදිකා නාට්‍ය හා රේඩියෝ වැඩසටහන්
නිපදවී තිඛෙනවා. 1970-71 කාලයේ අමෙරිකාවේ NBC ටෙලිවිෂන් නාලිකාව විකාශය කළ Doctor Dolittle නම් කාටුන් කථා මාලාව තමයි ටයි
මාමා ඇතුළු පිරිස දොස්තර හොඳ හිත නමින් සිංහලට හඩ කැවූයේ.
බ්‍රිතාන්‍ය ලේඛකයකුගේ කථා, අමෙරිකානු ශිල්පීන් අතින් ඇසිදිසි කථා
බවට පත්ව මෙහි ආ
විට එය අපේ කථාවක් කිරීමේ අභියෝගයට ටයි මාමා සාර්ථකව මුහුණ දුන්නා. එහිදී
ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ රසවත් හා හරවත් ගීත අපේකරණය වඩාත් ඔප් නැංවුවා. කථා රසය රැක ගන්නා
අතර ම සිංහලට ආවේනික වචන, යෙදුම්, ප්‍රස්තාපිරුළු හා ආප්තෝපදේශවලින් දෙබස් උද්දීපනය කළා.
මෙය ලෙහෙසි කාරියක් නොවෙයි. විදෙස් කාටූනයක් හඩ කවද්දී
එහි පින්තූරවල වෙනසක් කරන්නේ
නැහැ. මුල් කෘතියේ ධාවන වේගය හා සමස්ත ධාවන කාලය එලෙස ම පවත්වා ගත යුතුයි. එහිදි ඉංග්‍රීසි
දෙබස්වලට ආදේශ කරන සිංහල දෙබස් එම තත්පර ගණන තුළ ම කියැවී හමාර විය යුතුයි. මේ තුලනය පවත්වා
ගන්නට බස හොඳින් හැසිර වීම මෙන් ම විනෝදාස්වාදය නොනැසෙන ලෙස අපේකරණය කිරීමත්
අත්‍යවශ්‍යයි.
ටයි මාමා සාර්ථක ලෙස අපේකරණය කළ කාටුන් කථා මාලා රැසක්
තිඛෙනවා. 1944දී වෝනර් බ්‍රදර්ස්
සමාගම නිපදවීම පටන් ගත්, දශක ගණනක්
තිස්සේ ලෝ පුරා ප්‍රේකෂකයන්
කුල්මත් කළ Bugs Bunny කාටුන් චරිතයට ඔහු ‘හා හා හරි හාවා’ නම දුන්නා. එයට ආභාෂය ලැබුවේ කුමාරතුංග මුනිදාස සූරීන්ගේ ‘හාවාගේ වග’ ළමා කවි පෙළින්. 1961-62 කාලයේ මුල් වරට අමෙරිකාවේ විකාශය වූ, හැනා-බාබරා කාටුන් සමාගමේ නිර්මාණයක්
වූ Top Cat කථා මාලාව, ටයි මාමා සහ පිරිස ‘පිස්සු පූසා’ බවට පත් කළා. මෙබඳු කථාවල අපේකරණය කෙතරම් සූකෂම ලෙස සිදු වූවා
ද කිවහොත් ඒවා විදෙස් කෘතීන්ගේ හ~ කැවීම් බව බොහෝ
ප්‍රේකෂයන්ට දැනුනේත් නැති තරම්.
ටයි මාමා අපේකරණය කළේ බටහිර රටවල නිෂ්පාදිත කාටූන් පමණක්
නොවෙයි. ලෝකයේ විවිධ රටවලින්
ලැබුණු උසස් ටෙලිවිෂන් නිර්මාණ සිංහල ප්‍රේකෂකයන්ට ප්‍රතිනිර්මාණය කළා. මේ තොරතුරු නුවන්
නයනජිත් කුමාරගේ පොතෙහි අග ලැයිස්තුගත කර තිඛෙනවා. රොබින් හුඩ් හා ටාසන් වැනි ත්‍රාසජනක
කථා, මනුතාපය හා සිටුවර
මොන්ත ක්‍රිස්තෝ වැනි විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කථා, මල්ගුඩි දවසැ, ඔෂින් වැනි පෙරදිග කථා ආදිය එයට ඇතුළත්.
මෙසේ අපේකරණයට පත් කළ විදෙස් නිර්මාණවලට අමතරව ස්වතන්ත්‍ර
ටෙලි නිර්මාණ රැසකට ද ටයි
මාමා මුල් වූ බව සඳහන් කළ යුතුයි. එමෙන්ම ටෙලිවිෂන් සාමූහික ක්‍රියාදාමයක්
නිසා ටයි මාමා නඩේ ගුරා ලෙස හපන්කම් කළේ දැඩි කැපවීමක් තිබූ, කුසලතාපූර්ණ ගෝල පිරිසක් සමඟ බවත්
සිහිපත් කරන්න ඕනෑ. ප්‍රධාන ගෝලයා වූ අතුල රන්සිරිලාල් අදටත් ඒ මෙඟහි යනවා.
ටයි මාමාගේ සිනමා හා ටෙලිවිෂන් හපන්කම් ගැන ඇගැයීම්
පසුගිය දින කිහිපය පුරා අපට
අසන්නට ලැබුණා. මා ඔහු දකින්නේ අඩ සියවසක් පුරා පාලම් සමූහයක් තැනූ
දැවැන්තයකු හැටියටයි. පාලමක් කරන්නේ වෙන් වූ දෙපසක් යා කිරීමයි. ටයි මාමා කිසි
දිනෙක දූපත් මානසිකත්වයකට කොටු වුනේ නැහැ. ඔහු පෙරදිග හා අපරදිග හැම තැනින්ම
හොඳ දේ සොයා ගෙන, ඒ නිර්මාණ අපේ
ප්‍රේකෂකයන්ට ග්‍රහණය කළ හැකි ලෙස අපේකරණය කළා. එමෙන්ම සිනමාව හා ටෙලිවිෂන් මාධ්‍යය
අතර හැම රටක ම පාහේ මතුවන තරගකාරී
ආතතිය වෙනුවට මාධ්‍ය දෙකට එකිනෙකින් පෝෂණය විය හැකි අන්දමේ සබඳතාවන් ඇති
කළා. වැඩිහිටියන් හා ළමයින් වශයෙන් ප්‍රේකෂකයන් ඛෙදා වෙන් කිරීමේ පටු
මානසිකත්වය වෙනුවට අප කාටත් එක සේ රසවිඳිය හැකි ඇසිදිසි නිර්මාණ කළ හැකි බව
අපේකරණය කළ වැඩසටහන් මෙන් ම ස්වතන්ත්‍ර වැඩසටහන් හරහා ද ඔප්පු කළා. ඔහුගේ
පරම්පරාව හා මගේ පරම්පරාව අතර පරතරය පියවන්නත් ටයි මාමා දායක වුණා.
ටයි මාමා පාදා දුන් මෙඟහි ඉදිරියට ගිය දකෂයකු වූ පාලිත ලකෂ්මන්
ද සිල්වා ගැන කථා කරමින්
(2011 ජූනි 26 වනදා) මා කීවේ ටෙලිවිෂන් මාධ්‍යයේ අධ්‍යාපනික විභවය
මුල් යුගයේ මෙරට ඒ මාධ්‍යය හැසිර වූ අය ඉතා පටු ලෙසින් විග්‍රහ කළ බවයි. ඒ අයගේ තර්කය වුණේ
හරවත් දේ රසවත්ව කීමට බැරි බවයි. ඔවුන්ගේ පණ්ඩිතකම වෙනුවට ටයි මාමා අපට ලබා දුන්නේ හාස්‍යය, උපහාසය, රසාස්වාදය මනා සේ මුසු කළ එහෙත් හරවත් ටෙලිවිෂන්
නිර්මාණයි. උවමනාවට වඩා ශාස්ත්‍රීය, ගාම්භීර හා ‘ප්රබුද්ධ’ විදියට නව මාධ්‍යය ගාල් කරන්නට උත්සාහ කළ සරසවි
ඇදුරන්ට හා සිවිල් සේවකයන්ට ටයි මාමාගෙන් වැදුණේ අතුල් පහරක්.
උදාහරණයකට සිංහල ජනවහරේ හමු වන ‘උඹ’ හා ‘මූ’ වැනි වචන ළමා ළපටින් නරඹන ටෙලිවිෂන්
කථාවලට උචිතදැයි සමහර සංස්කෘතික බහිරවයන් ටයි මාමා සමඟ තර්ක කර තිඛෙනවා.
ටෙලිවිෂන් එකෙන් එබඳු වචන ඇසුවත් නැතත් සැබෑ ලෝකයේ එබඳු යෙදුම් එමට භාවිත වන
බව ටයි මාමාගේ මතය වුණා. මෙසේ දැඩි ස්ථාවරයෙන් සිටීමට ඔහුට හැකි වුණේ
ඇසිදිසි මාධ්‍ය ගැන මෙන්ම සිංහල බස ගැනත් බොහෝ සේ ඇසූ පිරූ කෙනකු නිසායි.
ඔහු කළ ලොකු ම සංස්කෘතික විප්ලවය නම් ළදරු රූපවාහිනී
සංස්ථාවේ වැඩසටහන්
පෙළගැස්ම අනවශ්‍ය ලෙසින් ‘පණ්ඩිත’ වන්නට ඉඩ නොදී, එයට සැහැල්ලූ, සිනහබර ශෛලියක් එකතු කිරීමයි. කට වහර
හා ජන විඥානය මුල් කර ගත් ටයි මාමාගේ කතන්දර කීමේ කලාව නිසා රූපවාහිනිය
යන්තම් බේරුණා. එසේ නැත්නම් සැළලිහිනියා පැස්බරකු වීමේ සැබෑ අවදානමක්
පැවතුණා.
ලොව හැම තැනෙක ම බහුතරයක් දෙනා ටෙලිවිෂන් බලන්නේ රටේ ලෝකයේ අළුත්
තොරතුරු (ප්‍රවෘත්ති) දැන ගන්නට හා සරල වින්දනයක් ලබන්නට. ටෙලිවිෂනය හරහා
අධ්‍යාපනික හා සාංස්කෘතික වශයෙන් හරවත් දේ කළ හැකි වුවත් එය හීන් සීරුවේ කළ
යුතු වැඩක්. හරියට ඛෙහෙත් පෙතිවලට පිටතින් සීනි ආලේප ගල්වනවා වගෙයි.
එසේ නැතිව තිත්ත ඛෙහෙත් අමු අමුවේ දෙන්නට ගියොත් වැඩි දෙනෙකු කරන්නේ
චැනලය මාරු කිරීමයි.
ටෙලිවිෂන් මාධ්‍යයේ නියම ‘ලොක්කා’ දුරස්ථ පාලකය
අතැZති ප්‍රේකෂකයා
මිස නාලිකා ප්‍රධානීන්, වැඩසටහන් පාලකයන් හෝ නිෂ්පාදකයන්
නොවෙයි. නාලිකා දෙකක් පමණක් පැවති 1980 දශකයේ දී වුවත් මේ සත්‍යය හොඳාකාර
වටහා ගත් ටයි මාමා, අප හිනස්සන අතරේ
අපට නොදැනී ම හොඳ දේ ඛෙදන ක්‍රමවේදයක් ප්‍රගුණ කළා. ටයි පාරේ ගියොත්
ටෙලිවිෂන් කලාවට වරදින්නට බැහැ!
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය විකාශයන් ඇරඹුවේ 1982 පෙබරවාරි 15 වනදා. ඒ නිසා මේ සතියට මෙරට ජාතික ටෙලිවිෂන් සේවය වන
රූපවාහිනියට වසර 30ක් පිරෙනවා.
වසර 30ක් මාධ්‍ය ලෝකයේ සැළකිය යුතු කාලයක් වගේ ම පරම්පරාවක
පරතරයක් ද වනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි
ටෙලිවිෂන් පරම්පරාව දැන් වැඩිහිටියන් වී ජන සමාජයට පිවිස සිටිනවා. විද්යුත් මාධ්‍යයකට හා සන්නිවේදන තාක්‍ෂණයකට එහා දිවෙන සමාජ ප‍්‍රවාහයක් ලෙස ටෙලිවිෂන් මාධ්‍යය මා
දකිනවා. ටෙලිවිෂන් ලක් සමාජයට ඇති කරන
බලපෑම ගැන මා විටින් විට කථා කරන්නේ ඒ නිසයි.
ටෙලිවිෂන් ලංකාගමනය හැත්තෑ හතේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවල
එක් ප‍්‍රතිඵලයක්. අපේ ටෙලිවිෂන් කර්මාන්තයේ මුල 1979 අපේ‍්‍රල් මාසයේ ඇරඹි ස්වාධීන
ටෙලිවිෂන් සේවයයි (ITN). තනිකර පෞද්ගලික අංශයේ උත්සාහයක් ලෙස එළි දුටු එය, සති කිහිපයක් තුළ රජයට පවරා ගනු
ලැබුවා. මුල් යුගයේ ITN සංඥා සීමා වූයේ බස්නාහිර පළාතේ නාගරික ප‍්‍රදේශවලට නිසා රටේ බහුතරයක් සිය මුල් ටෙලිවිෂන් අත්දැකීම ලැබුවේ 1982 පෙබරවාරියේ රූපවාහිනිය ඇරඹීමත් සමගයි. එතෙක් කල් චිත‍්‍රපට හා වීඩියෝ පට නැරඹීමට සීමා වී තිබූ අපේ ඇත්තන්ගේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිම්වලලූ පුළුල් වූයේ ටෙලිවිෂන් නිසයි.
1980 දශකය තුළ ටෙලිවිෂන් මාධ්‍යය ඉක්මනින් මෙරට ප‍්‍රචලිත
වුණා. පත්තර, සගරා හා රේඩියෝ යන ජනමාධ්‍ය සමග ළමා අවධිය ගත කළ මගේ
පරම්පරාවට ටෙලිවිෂන් නැවුම්
අත්දැකීමක් වූවා මෙන් ම ලෝකයට අළුත් කවුලූවක් ද විවර කළා.
ටෙලිවිෂන් මාධ්‍යය මගේ ජීවිතයටත් සමීප වී වසර 30ක් පිරෙනවා. වයස 14 දී මුල්වරට
ටෙලිවිෂන් විකාශයක් (ITNහි සෙසමි ස්ටී‍්‍රට්) දුටු මා, රූපවාහිනිය අරඹා දින කිහිපයක් තුළ ප‍්‍රචාරය වූ මෙරට මුල් ම
ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරාත්මක
වැඩසටහන වූ Dulux
Do You Know තරගයට සහභාගි වූයේ 16 හැවිරිදි පාසල්
සිසුවකු ලෙසයි. එදා ඒ තරගය ජය ගැනීමත් සමග පටන් ගත් මගේ ටෙලිවිෂන් හාදකම
අද දක්වාත් පවතිනවා. නව නිපැයුම් හා නව දැනුම ගැන
මා මේ වසරේ ඉදිරිපත් කරන ‘මාලිමා’ වැඩසටහන පටිගත කරන්නට රූපවාහිනියට යන
විට මුල් යුගයේ සිට එහි සේවය කරන ඇතැම් දෙනා තවමත් හමු වනවා.
එදා මෙදා තුර මෙරට ප‍්‍රමුඛ පෙළේ හැම ටෙලිවිෂන්
නාලිකාවක් සමග ම මා සම්බන්ධ වී කි‍්‍රයාකර
තිබෙනවා. මේ නිසා අපේ ටෙලිවිෂන් කර්මාන්තය, කලාව හා සංස්කෘතිය ගැන මා විග‍්‍රහ කරන්නේ පිටස්තර ආගන්තුකයකු
ලෙස නොවෙයි. මේ මාධ්‍යයන් සමග
ම හැදුණු වැඩුණු එහි හිතමිතුරකු හැටියටයි.
අද වන විට නොමිලයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි
ටෙලිවිෂන් නාලිකා 18ක් පමණත්, කේබල් සේවා (cable TV) හරහා මුදල් ගෙවා ලබා ගන්නා තවත් නාලිකා ගණනාවකුත් මෙරට තිබෙනවා. එහෙත් මේ සංඛ්‍යාත්මක වර්ධනයට
සමාන්තරව ගුණාත්මක දියුණුවක් වී
නැති බව පිළිගත යුතුයි. අපේ ටෙලිවිෂන් මාධ්‍යය තවමත් කලාවක් හා කර්මාන්තයක් ලෙස හරිහැටි පරිනත වී නැති බවට ක්‍ෂෙත‍්‍රයේ
සිටින සමහරුන් තර්ක කරනවා.
මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ටෙලිවිෂන් ආයතන හා නාලිකා
මට්ටමට ඉහළින්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරත්වයේ බෙදීම ද ඉක්මවා
යමින් පොදුවේ කර්මාන්තයක් හැටියට මේ ක්‍ෂෙත‍්‍රය
ගැන විධිමත් ලෙස සිතා කිසිවකු ක‍්‍රියා නොකිරීමයි. මෙය රජයකට තනිව කළ හැකි දෙයක් නොවෙයි. ලොව බොහෝ රටවල එය සිදුව ඇත්තේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රයේ ශිල්පීන්, කළමනාකරුවන් හා හිමිකරුවන්ගේ සාමූහික උත්සාහයෙන්.
• 33 වසරක ටෙලිවිෂන් ඉතිහාසයක් තිබුණත් අපට තවමත් නාලිකා
බෙදීම ඉක්මවා යන අපක්‍ෂපාත ටෙලිවිෂන් ඉතිහාසයක්
ලේඛනගත වී නැහැ. (ටෙලිවිෂන් මාධ්‍යයේ 25 වසර පිරීම
සමරන්නට 2004දී අර්නස්ට් පෝරුතොට පියතුමා සංස්කරණය කළ ග‍්‍රන්ථය ඒ සඳහා ප‍්‍රයෝජනවත් මුල් ප‍්‍රවේශයක්.)
• ටෙලිවිෂන් නාලිකාවල විකාශය වූ විද්යුත් මාධ්‍ය නිර්මාණ
ලේඛනාගාර ගත වීමක් අපේ රටේ තවමත් කැරෙන්නේ නැහැ.
පුවත්පත් හා සගරා මෙන් ජාතික ලේඛනාගාරයේ
තැන්පත් කිරීමක් ද නැහැ. යම් ශිල්පියකු තනි උත්සාහයෙන් තමන්ගේ නිර්මාණ පිටපත් සංරක්‍ෂණය කර නොගතහොත් කලකට පසු ඒවා සොයා
ගත නොහැකි වී ජන මතකයෙන් ද
ගිලිහී යනවා. (ජාතික සිනමා සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ, ටෙලිවිෂන් වැඩසටහන් රැක ගැනීම ගැන කථා කිරීමේ තේරුමක් ඇත් ද?)
• කාටත් පිළිගත හැකි නිර්නායක මත, පුළුල් වූ පරාසයක ටෙලිවිෂන් නිර්මාණ සඳහා අගැයිමී කැරෙන හරිහමන් සම්මාන උළෙලක් ද තවම බිහි වී නැහැ. සුමති හා රයිගම් ටෙලි සම්මාන උළෙල හොඳ උත්සාහයන් වූවත් භාෂා මාධ්‍ය
තුනේ ම ප‍්‍රවෘත්ති, කාලීන වැඩසටහන් හා විනෝදාත්මක
වැඩසටහන් ආදී හැම ටෙලිවිෂන් අංගයක් ම ඒ
සම්මානවලින් නිසි ලෙස ආවරණය නොවීම අඩුවක්.
කොටින් ම කියනවා නම් ටෙලිවිෂන් කලාව හා කර්මාන්තය යනු
හුදෙක් සිංහලෙන් ටෙලි
නාට්‍ය හා රියැලිටි වැඩසටහන් නිපදවීම පමණක් නොවෙයි. ටෙලිවිෂන් රසවත් හා ගුණවත් ‘හොද්දක්’
වන්නට එයට නිසි පමණින් එක් විය යුතු තවත් ‘කුළුබඩු’
ගණනාවක් තිබෙනවා. ඒ අංගයන්ගෙන් අපේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රය තවමත් පවතින්නේ ළදරු මට්ටමකයි.
මෙයට හේතුව මුදල් නැති වීමට වඩා දැක්මක් හා පරිකල්පනයක්
නොතිබීමයි. ටෙලිවිෂන් කර්මාන්තය පොදුවේ ගත් විට
අති විශාල මුදල් ප‍්‍රමාණයක් දැන්වීම් හා අනුග‍්‍රහකයන් වෙතින් එයට ගලා එනවා. එහෙත් මීට පෙරද මා පෙන්වා දී ඇති පරිදී, ටෙලිවිෂන් ගුවන් කාලය පුරවන්නට ඍජුව ම
දායක වන ශිල්පීන්ට ගෙවන්නේ හැකියාවට හා ශ‍්‍රමයට
සාධාරණ නොවූ ඉතා අඩු ගෙවීමක්.
ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයට හා විකාශයට ඉහළ වියදමක්
යන බව ඇත්ත වුණත් ඒ ආයෝජනය නිසි
ලෙස බෙදී යන්නේ නැහැ. හොඳ වැඩසටහන් නිපදවන්නට, ශිල්පීන්ට නිසි ලෙස පුහුණුව ලබා දෙන්නට මේ රටේ කිසිදු ටෙලිවිෂන්
ආයතනයක් තම ආදායමින් සාධාරණ ප‍්‍රතිශතයක්
වෙන් කරන්නේ නැති බව මා දන්නවා. කර්මාන්තය හා කලාව එක තැන පල් වන්නේත්, අනුකාරක හා සංකල්ප සොරකම බහුල වන්නේත් මේ නිසයි.
මෙහිදී මට සිහිපත් වන්නේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය
දෙකේ ම හපන්කම් කළ, රූපවාහිනියේ මුල් ම නිවේදකයා බවට පත් වූ පාලිත පෙරේරාගේ
වටිනා අදහසක්. වැඩසටහන් වඩාත් ජනතාවට සමීප හා ප‍්‍රයෝජනවත්
වීමට නම් නිෂ්පාදකයන් අළුත් වූත් විවිධාකාර
වූත් වැඩසටහන් ආකෘති බිහි කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ ම වචනවලින්
කිවහොත් අපේ විද්යුත් මාධ්‍යවලට අළුත් ‘අච්චු’ අවශ්‍යයි. ටෙලිවිෂන් නාලිකා ගණන වැඩි වුණත් ඒවායේ බොහෝ වැඩසටහන් ඒකාකාරී වීමට හේතුව නැවුම් ආකෘති හෙවත් අළුත් ‘අච්චු’ සොයා ගන්නට නිර්මාණාත්මක අත්හදා බැලීම් සිදු නොවීමයි.
මෙරට හෝ විදෙස් රටක හෝ එක් නාලිකාවක ජනප‍්‍රියත්වයට පත්
වූ ආකෘතියක් අමු අමුවේ කොපි
කිරීම ලෙහෙසියි. එහිදී නව නිර්මාණයක් කිරීමේ අභියෝගය හා අවදානම මතු වන්නේ නැහැ. ඇතැම් නිෂ්පාදකයන්ට අළුත් දෙයක් කිරීමේ
ඕනෑකම තිබුණත් එයට අවකාශය හා
පහසුකම් ඔවුන්ගේ නාලිකාවලින් ලැබෙන්නේ ද නැහැ. ආප්ප පුච්චන්නා සේ එක ම මාදිලියේ වැඩසටහන් දිගින් දිගට ම අප දකින්නේ ඒ
නිසයි.
මෙරට ටෙලිවිෂනයට වසර 25ක් පිරීම
සමරන්නට 2004දී කොළඹ මහවැලි කේන්‍ද්‍රයේ පැවති මහජන රැස්වීමකදී මේ සාධනීය යථාර්ථය මා මතු කළ විට එයට දැඩි විරෝධයක් දැක් වූයේ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්. ‘අත්දැකීම් අඩු’ මා වැන්නන්ට ප‍්‍රශස්ත ටෙලිවිෂන් කලාවක් හා කර්මාන්තයක් ගැන ‘සිහින මැවීම’
ලෙහෙසි වූවත්, ව්‍යාපාරයක්
හැටියට ටෙලිවිෂන් විකාශයක් පවත්වා ගෙන යාමේ බැරුම්කම දන්නා ඔහු වැනි අයට මේ ‘අළුත් අච්චු’ ගැන සිතන්නට ඉඩක් නැති බවට ඔහු තර්ක කළා!
ටෙලිවිෂන් ව්‍යාපාරිකයන් සමග මගේ විවාදයක් නැහැ. වාණිජමය,
දේශපාලන හා සමාජයීය
යථාර්ථයන්ට දිනපතා මුහුණ දෙමින් අපේ රටේ ටෙලිවිෂන් නාලිකාවක් පවත්වාගෙන යාම ලොකු අභියෝගයක්. එහෙත් දිනපතා ගුවන් කාලය
පුරවන්නට මොනවා හෝ නිපදවා විකාශය
කිරීම නම් තව ටික කලකින් රොබෝවරුන්ටත් කළ හැකි වේවි. (දැනටමත් බොහෝ
දුරට ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන FM රේඩියෝ විකාශයන් වෙන රටවල තිබෙනවා.)
හිතන පතන මිනිසුන්ගෙන් ඊට වැඩි දෙයක් ටෙලිවිෂන් කලාවට හා
කර්මාන්තයට අප අපේක්‍ෂා කරනවා. එය නොදී හැමදාමත් මේ
ගතානුගතික, පරණ පුරුදු ‘අච්චු’ ටිකට ම වැඩසටහන් හදමින් සිටියොත් තව වසර කිහිපයකින් ඉන්ටර්නෙට්
හා වෙනත් නව මාධ්‍යයන්වලට ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකයන්
සංක‍්‍රමණය වේවි.
අපේ ටෙලිවිෂන් කලාව දියුණු නොවීමට තවත් හේතුවක් ලෙස මා
දකින්නේ එයට සම්බන්ධ වූ බොහෝ දෙනාට ඒ මාධ්‍යය ගැන
ලොකු කැක්කුමක්, ලෙන්ගතුකමක් නොමැති වීමයි. ටෙලිවිෂන් පටන් ගත් මුල් කාලයේ එයට අවශ්‍ය ශිල්පීන් සොයා ගත්තේ රේඩියෝ මාධ්‍යයෙන්. වෘත්තිය ජීවිතයේ වැඩි කලක් රේඩියෝවත්
සමග වැඩ කොට එයට ඇලූම් කළ ඔවුන්
බහුතරයකට ටෙලිවිෂන් මාධ්‍යයට හරිහැටි හුරු වන්නට හෝ නව මාධ්‍යයට මානසිකව ‘පෙම් බදින්නට’ නොහැකි වුණා.
ටික දෙනෙක් පමණක් ඒ මාධ්‍යයට නිසි ලෙස හැඩ ගැසුණා. පේ‍්‍රමකීර්ති
ද අල්විස් හා පාලිත පෙරේරා එයින් දෙදෙනෙක්. එහෙත් වැඩි
දෙනෙක් තැත් කළේ රේඩියෝ
වැඩසටහන් ටෙලිවිෂන් ගත කොට පෙන්වීමටයි. මුල් යුගයේ අධ්‍යාපනික වැඩසටහන් සියල්ල ම පාහේ පන්ති කාමරයකට ටෙලිවිෂන්
කැමරාවක් එල්ල කිරීමට සීමා වූයේ
පරිකල්පනයේ හා දැක්මේ අඩුපාඩු නිසයි.
ITN කෙසේ වෙතත්
රූපවාහිනියට නම් තාක්‍ෂණයෙන් හා ශිල්ප ඥානයෙන් විශාල පරිත්‍යාගයක් ජපානයෙන් ලැබුණා. නිසි ලෙස ටෙලිවිෂන් දේශීයකරණය කොට අපේ ම ටෙලිවිෂන් කලාවක් බිහි කරන්නට මේ ජපන් තෑග්ගෙන් අපි
උපරිම වාසි නොගත් බවයි මා සිතන්නේ.
සිනමාවේ සිට ටෙලිවිෂන් මාධ්‍යයට සම්බන්ධ වූ ටික දෙනකුත්
සිටියා. ඒ අතරින් ටයිටස් තොටවත්ත ටෙලිවිෂන් මාධ්‍යය ‘අපේකරණය’
කළ හැටි මා පසුගිය කොලමකින් විග‍්‍රහ කළා (2011 ඔක් 30).
අපේ අවාසනාවට ටයි මාමා වැනි අය ඉතා දුර්ලභයි. ටෙලිවිෂන් මාධ්‍යයේ මුල් දශකය තිස්සේ මෙරට සිනමා ශිල්පීන් වැඩි දෙනා නව මාධ්‍යය
දෙස බැලූවේ සැකය මුසු සාවඥ
බවකින්.
සිනමාව ‘රිදී තිරය’ වන අතර
ටෙලිවිෂනය ‘පුංචි තිරය’ වුණා. මේ දෙක ඍජුව සැසදිය නොහැකි, වෙනස් මාධ්‍ය
දෙකක්. සිනමාවේ ශිල්පීන් පසු කලෙක වාණිජමය හේතූන් නිසා ටිකෙන් ටික ටෙලිවිෂන් කර්මාන්තයට සමීප වූවත් ඔවුන් වැඩි දෙනකු ආකල්පමය වශයෙන් ටෙලිවිෂනය තවමත් දකින්නේ චූල මාධ්‍යයක්
හැටියටයි. මේ චූල මාධ්‍ය –
මහා මාධ්‍ය බෙදීම නිසා සිනමාවෙන් එන අය ටෙලිවිෂනයේ එලිපත්තෙන් ඇතුළට ප‍්‍රවේශ වන්නේ නැහැ. ආවත් හැසිරෙන්නේ ආගන්තුකයන්
හැටියට.
‘බඩ වියත සොයා ගන්නට ටෙලිවිෂන් වැඩ කළත් කවදා හරි යළිත්
සිනමාවට යාමේ අදහස ඇති බව’ එබදු ඇතැම් ශිල්පීන් කියනවා. එහි වරදක් නැතත් එවැනි අය අතින් මෙරට ටෙලිවිෂන් කලාව හෝ කර්මාන්තය දිගුකාලීනව දියුණු
වන්නේ නැහැ.
ටෙලිවිෂන් යනු ලෝකය දකින්නට, දැනුම් සයුරේ
සැරිසරන්නට අපට තිබෙන මැජික් පලසක්. මේ
මැජික් විභවය ගැන නොදැන අප බොහෝ දෙනා ටෙලිවිෂන් පලස යොදා ගෙන ඇත්තේ දෙපා පිස දමන්නට පමණයි! මේ පලස මත නැගී විශ්වය
පුරා ගමන් කරන්නට හැකියි. අපි
දැන්වත් ටෙලිවිෂනයේ මැජික් බලයෙන් වැඩ ගනිමු ද?
සහතික ඇත්ත කතාවක්..ගොඩාක් වටිනා වදන් පෙලක්..👍👏🙏🙏
ReplyDelete