Friday, July 22, 2016

කවියට පෙම් බැඳි බඹරා - සචින්තනා මන්ත්‍රීරත්න



තවත් එක් කුසුමකට නොව කවියකට පෙම් බැඳි බිගු  ඔහු ය. බූන්දි  ය පැණියෙන් පුරවා පාඨක සිත මිහිරෙන් පිනවූ හෂාන් විරංගබඹරබොටුව නම් කවියා ඔහු ය.



1990 නොවැමsබරයේ 24 වන දින මානෙල් ධම්මිකා රත්නායක සහ ජි. . ඇසෝන් දෙපලට දාව උපන් ඔහු පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙ වැනි දරුවා විය. බඹරබොටුව විද්‍යාලයෙන් සිය පාසල් දිවියට මුල පිරූ හෙතෙම කලා අංශයෙන් උසස් පෙළ හදාරන්නේ සිංහල, දේශපාලන විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන් ඔස්සේ ය.



පාසල් දිවියේ පටන් සිංහල සාහිත්‍යට ප්‍රිය කළ හෙතෙම පාසලේ සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති ධූරය හෙබවුයේ ය. උසස් පෙළ විභාගයෙන් සමත්ව සරසවි වරම් ලබමින් ශ්‍රී ලංකා සබරගමුව සරසවියෙන් සිය උසස් අධ්‍යාපන ගමන් මගට මුල පිරුවේ . සබරගමුව සරසවියේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තෙවන වසර සිසුවෙකු ලෙසින් සිංහල විශේෂවේදී උපාධිය හදාරන ඔහු ඒ අතරතුර සිය ලේඛන කටයුතුවල සහ කාව්යෙඅ නිර්මාණකරණයේ සන්ධිස්ථානයකට පැමිණ සිටී.



බූන්දි වැනි සමාජ වෙබ් අඩවි, දිවයින වට මඬල ආදි පුවත්පත්වල ඔහු සිය කාව්‍ය නිර්මාණ පළ කරමින් ඒවා පාඨක සන්තක කරයි. ඔහුගේ කාව්‍ය නිර්මාණ කෙටි කාව්‍ය, දිගු කාව්‍ය, සඳැස්, නිසදැස් ආදි වශයෙන් විවිධ ය.



කවියකු ලෙස පමණක් නොව විචාරකයකු වශයෙන් ද  හෙතෙම පාඨක මනස පෝෂණය කරයි. —හෝ ගානා පොකුණේ සරැළි කියවීම නමින්  හෝ ගානා පොකුණ  චිත්‍රපටිය පිළිබඳ දිවයින වට මඬලෙහි ඔහු පළ කළ විචාර ලිපිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු ලේඛනයෙහි දක්වන දස්කම් මැනවින් විදහාපායි.



කියවීම සහ ලිවීම සිය දිවිය කර ගත් හෙතෙම තවත් පසෙකින් ග්‍රාමීය සමාජ ක්‍රියාකරුවෙකි. වියැකෙමින් යන සිංහල සාහිතය අනාගත දරු පරපුරට දායාද කරමින් ඔහු සිංහල සාහිත්‍ය ඉගැන්වීම ද කරන්නේ ය.

කෙනෙකුගේ රසඳුනක් ලොව තිබුණ ද කවියට ම පෙම් බැඳි හෙතෙම කෙදිනක හෝ ලේඛකයෙකු සහ කවියෙකු වීමට සිහින දකින්නේ ය. එහෙත්, එය තවමත් ස්වප්නයක් ම නොව ස්වප්න පටලයෙන් මිදුණු යථාර්තයක් වී ඇති බැව් නම් නිසැක ය.  


ආදරකන්ද


ප්‍රභානි සචින්තනා මන්ත්‍රිරත්න

1 comment: