Friday, July 22, 2016

සබරගමු විශ්වවිද්‍යාලීය භාෂා අධ්‍යයනාංශය - ජානකී දිල්රුක්‍ෂි




ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා  හා භාෂා පීඨයේ භාෂා අධ්‍යනාxශය ස්ථාපිත වී ඇත්තේ විශ්වවිද්‍යාලය ආරම්භක අවධියේ එනම් වර්ෂ 1995 දී ය .වර්තමානය වන විට ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියේ භාෂා අධ්‍යයනාxශය අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අධ්‍යයනාxශයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය.


භාෂා අධ්‍යයනාxශය මෙතරම් සුවිශේෂත්වයකට උරුමකම් කියන්නේ මන්ද යන්න විමසීමේදී පැහැදිලිව අවබෝධ වන්නේ පුළුල් පරාසයක විසිරි ගිය අධ්‍යයන අවකාශ සහිත භාෂාවන් පිලිබද මුලික පාඨමාලාවන් අධ්‍යයනය කරමින් භාෂා පිලිබද පරිපූර්ණ දැනුම හැoEÍමට අවශ්‍ය කරන සියලු පහසුකම් වලින් මෙම අධ්‍යයනාxශය සමන්විත වීම යි .සබරගමු සරසවියේ භාෂා අධ්‍යයනාxශය මගින් උපාධි අපේක්ෂකයන්ගේ රුචිකත්වය මත සිංහල, දෙමල, ඉංග්‍රීසි,චීන ,හින්දි ,ජපන්,ජර්මන් යන භාෂාවන් ප්‍රධාන විෂයන් හා අනුවිෂයන් වශයෙන් තෝරා ගැනිමේ අවස්ථාව සලසා ඇත අතර එම භාෂා ආශ්‍රිත කොට  ගත් පෘථුල දැනුමක් උපාධි අපේක්ෂකයන්ට ලබා දීමට සුදුසු ප්‍රවීණ ආචාර්ය මඩුල්ලක් ද භාෂා අධ්‍යයනාංශය සතු වේ.

ආරම්භය වන විට තුන් අවුරුදු පාඨමාලාවන්ගෙන් සමන්විත වුව ද අද වන විට මෙකී  පාඨමාලාවන් සිවු  අවුරුදු විශේෂ උපාධි පාඨමාලා දක්වා ප්‍රශස්ත ලෙස වර්ධනය කර තිබීම උපාධි අපේක්ෂකයන්ගේ උපාධියේ ගුණාත්මකභාවයේ තක්සේරුවක් සේ සැලකිය හැකි ය.එක්  එක් භාෂා හැoEÍමේ දී එම භාෂා ඇසුරු කර ගත් පරිසරයන්හි සංස්කෘතික වටිනාකම, ඉතිහාසය, වාග්විද්‍යාව ,සාහිත්‍ය, පරිවර්තනය  යනාදී විවිධවුත්, නව්‍යවුත් විෂය නිර්දේශයන් ස්පර්ශ කිරීමට හැකියාවක් පාඨමාලා තුළට අන්තර්ගත  කොට ඇත.මෙවැනි කරුණු අධ්‍යයනය කරන උපාධි අපේක්ෂකයන්ට ස්වකීය අධ්‍යයන lafIA;%ය පිලිබද දැනුම තව තවත් පුළුල් කර ගැනීමට ද අවකාශය තිබේ .


භාෂා අධ්‍යයනාxශයේ අධ්‍යයන කටයුතු සිදු කරන උපාධි අපේක්ෂකයන් හට ලැබෙන සුවිශේෂි වරප්‍රසාදයක්‌ සේ  සැලකිය හැක්කේ  විදේශ අධ්‍යාපනය හැoEÍමට  ශිෂ්‍යත්ව  ලබා දීමේ වැඩපිළිවෙළයි. චීන, ජපන්,ජර්මන් වැනි භාෂාවන් හදාරන ශිෂ්‍යයන්ට සය මාසික ,වාර්ෂික ආදී ශිෂ්‍යත්ව  ලබා ගැනීමේ හැකියාවක් අපගේ  භාෂා අධ්‍යයනාxශය මගින් ලබා දෙයි .


වත්මන වන විට  භාෂා අධ්‍යයනාxශයේ අංශ ප්‍රධානි ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය ප්‍රියංකා වීරසිංහ වන අතර ඇය  සිංහල භාෂා අංශයේ ආචාර්යවරියක වශයෙන් ද කටයුතු කරයි .ඇයට අමතරව ආචාර්ය මනෝජ් ආරියරත්න (පීඨාධිපති )  කථිකාචාර්ය චම්පා ද සිල්වා  සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි යන අචාර්යවරුන් එම අංශයේ කටයුතු කරනු ලබයි . ඉංග්‍රීසි භාෂා අංශයේ රොහාන් අබේවික්‍රම,චන්දන දිසානායක ,සාජිනි වීරසේකර ,ලක්මිණි බස්නායක ,දිශානි සෙනෙවිරත්න, ඉෂ්ටාර්ථ වැල්ලේබොඩ සහ මහේෂ් හපුගොඩ  යන ආචාර්යවරුන් හා අචාර්යවරියන් ඉගෙන්වීමේ කටයුතු කරන අතර , ඉංග්‍රීසි සාහිත්‍යයේ සැම  අංශයක්ම ආවරණය කිරීමට අවැසි විෂය මාලාවන් මෙම අංශය මගින් සකසා තිබේ . ඉංග්‍රීසි නවකතාව ,කෙටිකතාව,නාට්‍ය ,කවිය  ආදී අංග ඒ අතර කැපී පෙනේ. අධ්‍යයනාxශය තුළ පවතින තවත් සුවිශේෂි භාෂා පාඨමාලාවන් දෙකක් සේ චීන භාෂාව සහ ජපන් භාෂාව හදුනා ගත හැකි ය .
     මෙම භාෂාවන්ට  සමගාමිව චීනයේ, ජපානයේ භාෂාව ,සාහිත්‍ය ,සංස්කෘතිය ,කලාව ,පරිවර්තන,භාෂාව ඉගෙන්වීමේ ක්‍රියාවලීන් ආදී විෂයානුබද්ධ කරුණු අනියුක්ත කරමින් උපාධි අපේක්ෂකයන්ට උසස් පාඨමාලාවන් හැoEÍමට අවකාශ සැලසීමට  භාෂා අධ්‍යයනාxශය කටයුතු සම්පාදනය කොට ඇත .ඒ අතර සුවිශේෂි වන්නේ චීනය ජපානය වැනි විදේශ රටවල භාෂා ප්‍රවීණයන්ගේ ඇසුර යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ශිෂ්‍යයන්ට ඉඩ ප්‍රස්ථාව සලසාදීම යි . වර්තමානය වන විට චීන භාෂා අංශය තුළ නොයෙල් දසනායක, ආචාර්යවරයාත්,රංගනී මධුවන්ති හා චන්ග් ත්සැයි ලන් ආචාර්යවරියන් දෙදෙනාත් ඉගැන්වීම් කටයුතු සිදුකරයි .ජපන් භාෂා අංශය තුළ ජනුකා එදිරිමාන්න ,අසංගා වීරක්කොඩි යන ආචාර්යවරියන් දෙදෙනා කටයුතු කරයි.


 භාෂා අධ්‍යයනාxශයේ අනෙකුත්  භාෂා පාඨමාලාවන් වන්නේ හින්දි, ජර්මන් හා දෙමළය .විශ්වවිද්‍යාලයට පිවීසීමට පෙර භාෂාවක් හදාරා නොමැති අයෙකුට වුවද මුල සිට භාෂාවක් හැoEÍමට යම් යම් පාඨමාලාවන්හි දී හැකි වේ. ඒ  අතර හින්දි ,චීන විශේෂ වේ .ඒ අතර හින්දි විෂය සම්බන්ධයෙන් බැසිල් නාගොඩවිතාන,මදාරා සෙව්වන්දි යන ආචාර්යවරුන් හා වරියන් කටයුතු කරන අතර ජර්මන් විෂය නිරෝෂා පරණවිතාරණ ,මහින්ද පතිරණ යන ආචාර්ය දෙපළ යටතේ හැoEරිය හැකිය.

මෙම සියලු භාෂාවන් හදාරන උපාධි අපේක්ෂකයන්ට අධ්‍යාපනික අංශයට පමණක් සීමා නොවී විවිධ  අවස්ථාවන්හිදී අධ්‍යාපනික, විනෝදාත්මක ,වැඩසටහන් ද භාෂා අධ්‍යයනාxශයේ අනුදැනුම  යටතේ සිදු කළ හැකිය.
                      ඉහළ ගුණාත්මක භාවයකින් යුත් භාෂාවන් පිළිබද පරිපූර්ණ දැනුමකින් යුත් පාඨමාලාවන්ගෙන් සහ ප්‍රවීණ අචාර්ය මණ්ඩලයකින් සමන්විත භාෂා අධ්‍යයනාxශය උපාධි අපේක්ෂකයෙකු ලෙස සරසවි භුමිය තුළ අකුරු කරන්නට පිවිසෙන ඔබට දැනුම,කුසලතා ,කලාව ආදී හැකියාවන්ගෙන් යුත් පරිපූර්ණ මිනිසෙකු ලෙසින් අනාගතය දිනවන්නට ඔබව පෝෂණය කරන්නට ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ භාෂා අධ්‍යයනාxශය සැදී පැහැදී සිටී.

                                                           

                                                                                          

සටහන- ඩී.ජේ.දිල්රුක්‍ෂි
   සමනල වැව
                                                                                              


No comments:

Post a Comment