සිරිමා බෝ සමිඳුන්ගේ සිලි සිලියෙන් ලැබුණු නිහඬබවත් නිහතමානීත්වයත් ආභරණයක් කරගත් ඇය අනුරාධපුර තඹුත්තේගම උපත ලද පියුමි සකුන්තලා නම් විය∙ හේරත්හාමිගේ චන්දදාස පියාණන්ට හා ජයලත් ආරච්චිගේ ආරියවතී නම් මෑණියන්ට සිරිමා බෝ සමිඳු ඉදිරිපිට පැතූ තවත් පැතුමක් සඵල කරමින් ඇය එම පුංචි පවුලට එක්විය∙ වැඩිමහල් සොයුරියකගේ නැගනිය වීමත් නැගනියකගේ අක්කණ්ඩිය වීමත් ඇය ලැබූ භාග්‍යක්ම විය∙
අතිශය
දුෂ්කරත්වයෙන් පිරුණු පෙදෙසක උපත ලැබුවද ජීවිතයට නියතයක් ලෙස එම දුෂ්කරත්වය උරුමකරදීමට
ඉඩ නොදීමට ජීවිතය උගන්වන තම ගමේ තක්ෂලාව
වන අ/මහබෙල්ලන්කඩවල මහා විද්‍යාලය වෙත පැමිණෙන්නේ ඉගෙනීමෙහි මූලික අත්පොත් තැබීමටය∙
එතැන් සිට වසර 13 ක් පුරාවටම එම පාසලේම ඉගෙනුම ලැබුවේ හෙට දිනයෙ මලක් වනු පිණිස
කටු පොකුරු සිප ගනිමින්ය∙
ඇයගේ
13 වසරක පාසල් කාලය වූ කලී ඇය තුළ සැගවී පැවති දක්ෂතා ඔප්නංවා ගැනීමට හමු වූ
සුවිසල් ජීවන මංතලාව විය∙ වසර ගණනාවක් පුරාවට පංතියේ නායිකාව වෙමින් ද තවත් විටකදී
තම වගකීම් නිසිලෙස ඉටු කරන ශිෂ්‍ය නායිකාවක් වෙමින් ද කටයුතු කළ ඇය විටෙක කීඩා
අංශයෙන් තම කුසලතා විදහා දැක්වීය∙ඇලේ දොළේ කෙළි සෙල්ලම් කිරීමෙන් පන්නරය ලැබූ ඇය
පාසලේ පිහිනුම් ශූරියක් ද විය∙
ඇය පාසල තුළ සියලුදෙනා හඳුනන චරිතයක් වූයේ
සිත්තරාවියක වූ නිසාවෙන්මය∙ සහජයෙන්ම හිමි වූ ඉවසීමේ ගුණය නිසාවෙන්ම ඇය නොයෙක් රටා
මවමින් දෙනෙත් මවිතයට පත් කරලීමට සමත් විය∙ පාසලට විවිධ වූ කීර්තීන් අත්කරදුන් ඇය පින්සල
ජීවිතය කරගෙන ජීවත් විය∙
පාසලේ විවිධ සමිති සමාගම්වල
සාමාජිකත්වය දරමින් පාසලෙහි නම රන්දමින් 13 වසරක ඉගෙනීමෙහි ඵල ගන්වන්නේ 2011 වසරේ පැවති අ∙පො∙ස∙ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වීමෙනි∙ සබරගමු
සරසවියට පැමිණෙන ඇය තම පාසලේ අනෙකුත් සොයුරු සොයුරියන්ට පසක් කරදුන්නේ වානේ පන්නරය
ලබන්නාක් මෙන් සියලු දුෂ්කරතා විඳගෙන ජීවිතය ජයගත් අයුරුයි∙ සරසවියේ සියලු මිතුරු
මිතුරියන් අතර සෙනෙහබර මිතුරියක් වූ ඇය තම ජීවිතයේ හැරවුම් ලක්ෂය තීරණය කිරීමේ
සාධක ලෙස සමාජ විද්‍යාව සහ සිංහල භාෂාව යන විෂයන් තෝරා ගත්හ∙ සමාජ විද්‍යා විෂය තුළින් පුද්ගල ජීවිතය
තුළ හමුවන විවිධාකාර වූ චරිතයන් මනා ලෙස හදුනා ගැනීමටත් සිංහල විෂය තුළින් සාහිත්‍යත්
සංවේදීත්වයත් ජීවිතයට හුස්ම සේ ළංකර ගැනීමත් ඇයගේ අරමුණ විය∙ එමෙන්ම සිත්තම් කලාව
මියදෙන්නට නොදී එය විනෝදාංශයක් ලෙස කරන ඇයගේ සිත්තම් දෙස වරක් දෙවරක් නොව කිහිප
වරක් බැලීමට සිතෙන තරමටම අලංකාරය∙
සරසවිය තුළද තම හැකියාවන් ඔප්නංවාලීමට වෙර
දරන ඇය විශ්ව විද්‍යාලයීය කැරම් කණ්ඩායමේ කැපීපෙනෙන දක්ෂතාවලින් යුත් තැනැත්තියකි∙
විශ්ව විද්‍යාලයීය අන්තර් පීඨ කැරමි තරගාවලියේ දී සමාජීය විද්‍යා හා භාෂා පීඨයට
ජයඅත්කරදීමට සුවිශාල මෙහෙයක් කළ ඇය සමාජය තුළ ලොක්කෙකු නොව යහපත් පුරවැසියකු වීමට
සිහින දකින්නීය∙
සටහන
චලනි දිලේෂා
No comments:
Post a Comment