Wednesday, June 29, 2016

පෙරවදන

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා හා සමාජීය විද්‍යා පීඨයේ භාෂා අධ්‍යයනාංශය මගින් තෙ වන වසර සිසුන් සදහා දෙ වන සමාසිකය තුළ පවත්වන ප්‍රකාශන ශිල්පක්‍රම (SNH 321)  පාඨමාලාව හදාරන සිසු සිසුවියන් විසින් මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ. මෙහි දී ලේඛනය හා ප්‍රකාශනය පිළිබ සිසුන්ට මනා අත්දැකීමක් ලබා දීම අරමුණු කර ඇත. 

සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමක් විසින් ලියනු ලබන කරුණු අනෙක් කණ්ඩායම විසින් සංස්කරණය කිරීමත් සෝදුපත් බැලීමත් සිදු කරන ආකාරයේ ක්‍රියාවලියක් සකස් කරන ලදි. ඒ අනුව සංවිධානය කෙරුණු කණ්ඩායම් දෙකින් එකක් ආදර කන්ද ලෙස නම් කෙරුණු  අතර අනෙක සමනල වැව ලෙස නම් කෙරිණ. 

ආදරකන්ද කණ්ඩායමට සචින්තනා, මේනකා, නදීෂා, දනුෂ්ක, පියුමි, ජයමාලි යන හය දෙනාත් සමනල වැව කණ්ඩායමට හසිතා, ජානකී, හර්ෂණී, උමේෂා, හෂාන්, දිනේෂා යන හය දෙනාත් ඇතුළත් වේ.

බ්ලොග් පිටු වඩා පුළුල් සන්දර්භයක් තුළ සංවිධාන ගත කිරීමට සැළසුම් කෙරිණ. ඒ අනුව සබරගමු පළාත පිළිබදවත්, රත්නපුර දිස්ත්‍රීක්කය පිළිබදවත්, සබරගමු විශ්වවිද්‍යාලය පිළිබදවත් භාෂා හා සමාජීය විද්‍යා පීඨය පිළිබදවත් සිංහල භාෂා අංශයේ ජ්‍යේෂ්ඨ ආචාර්යවරු සිව් දෙනෙක් පිළිබදවත් මූලික වශයෙන් ම කරුණු ඇතුළත් කිරීමට සැලසුම් කෙරිණ. 

ශිෂ්‍ය කණ්ඩායමේ සියලු සාමාජිකයෙක් පිළිබදව ම වෙන වෙන ම තොරතුරු ඇතුළත් කිරීම ද එහි තවත් පියවරකි. එමෙන් ම පාඨමාලාව තුළ සාකච්ඡා කෙරෙන විෂය කරුණු පිළිබද ව ලිපි ඇතුළත් කෙරෙන අතර සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී රචනා කිසිදු සීමාවකින් තොර ව අකණ්ඩ ව මෙහි පළ කෙරෙනු ඇත. මේ විෂයට සමාන්තර ව ඉගැන්වෙන සංස්කෘතිය හා කලා ශිල්ප පාඨමාලාවේත් බහුජන මාධ්‍යයන්හි සිංහල භාෂා භාවිතය පාඨමාලාව තුළ සාකච්ඡා කෙරෙන කරුණුත්  ඉඩ ලැබෙන ආකාරයට මෙහි පළ කිරීමට අපේක්ෂා කෙරේ.

පාඨක ඔබ මෙම බ්ලොග් පිටුව කියවා අප වෙත ලබා දෙන අදහස් හා යෝජනා මේ ක්‍රියාකාරකම ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මහෝපකාරී වේ. පහත ඊ ලිපිනයෙන් අප ඇමතිය හැකි ය. snhadarakanda@gmail.com

ඔබේ අදහස් නාය නොයන ආදර කන්දක් තනන්නට මහෝපකාරී වනු ඇත.

සංස්කාරක,
ආදරකන්ද බ්ලොග් අඩවිය,
භාෂා අධ්‍යයනාංශය,
සබරගමුව විශ්වවිද්‍යාලය,
බෙලිහුල්ඔය.

Friday, June 24, 2016

මව්බිමේ අභිමානවත් සබරගමු පුරවරය - උමේෂා මධුමාලි


කඳු  බෑවුම් ලෙන් ගුහා දියඇළි සහ මහ ඝන වනාන්තරවලින් යුත් රමණීය භූමි ප්‍රදේශයක් ලෙසට සබරගමුව පළාත හැඳින්විය හැකි ය. ශබර නම් වූ සංස්කෘත වචනයෙන් සබර යන නම බිඳී ඇති අතර සබරුන් බහුල ව විසූ පෙදෙස සබරගමුව ලෙස අරුත් උපන් බව ජන ශ්‍රැතියේ දැක්වේ. ස්වභාව සෞන්දර්යයෙන් මෙන් ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම පුරවරය ලංකාවේ ප්‍රෞඪ අභිමානය ලොවට කියාපාන තෝතැන්නකි.
      
  ආදි මානවයාගේ නිජ බිම
ඓතිහාසික පසුබිම විමසා බලන කල ශතවර්ෂ ගණනක ඇත අතීතයකට සබරගමුව පළාත උරුමකම් කියයි. එනම් ආදි මානවයා විසූ බවට හඳුනාගත් පුරා විද්‍යාත්මක සාධක රැසක් මෙම පළාතෙන් සොයා ගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට බටදොඹ ලෙන, බටතොට ලෙන, දහයියා ලෙන, අයගම අවරගිරියේ මානෙල් ලෙන, කලවාන කැකුලේගම නෙරවනගල් ලෙන, කැකුල ගල් ලෙන, උඩවලවේ බෙල්ලන් බැඳි පැලැස්ස, බළන්ගොඩ තංජන්තැන්න, හා සඳගිරිය ආදී වූ ප්‍රාග් ඓතිහාසික ලෙන් හා ගුහා ප්‍රධාන තැනක් ගනී. 

එමෙන් ම සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ආදි මානවයා විසු බව පුරාවිද්‍යා කැනීම් මගින් සොයා ගෙන ඇත. කිතුල්ගල බෙලිලෙන, කෑගල්ලේ අත්තනගොඩ අළුලෙන, වරකපොළ දොරවක්කන්ද ගල්ලෙන, රඹුක්කන පදවිගම්පොල ගල්මැස්ස ආදිය ඊට සාක්ෂ්‍ය දරයි.

ලංකාවේ ප්‍රථමවරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක් සොයාගෙන ඇත්තේ ද රත්නපුර වේවැල්වත්තේ අළුපොළ වතුයායේ බෙලිගල්ගේ නැමැති ගල්ගුහාවෙනි. එහි දී මිනිස් ඇටසැකිල්ලක් හා වෙනත් අවශේෂ හමු වී ඇත. එමෙන් ම ආදි මානවයා විසින් අඳින ලද පනහකට නොඅඩු ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වරකපොලට අයත් දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එපමණක් නොව ප්‍රාග් ඓතිහාසික මානවයා තනන ලද ආදි කල්පිත ගල් මේසයක් ප්‍රථමවරට සොයා ගැනෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශයෙනි.


     බැතිමතුන්ගේ වන්දනීය පුදබිම

ශ්‍රී පාදස්ථානය සබරගමුවේ මෙන් ම මුළු මහත් ශ්‍රී ලංකාවේ ම සුවිශේෂි සලකුණක් ලෙස හැදින්විය හැකි ය. බුදු සිරිපා පහස ලද සමනොළ ගිරි හිස දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් බවට පත් ව ඇත. සුමන සමන් දිව්‍ය රාජයාගෙන් ලද ආරාධන‍යෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කළ ස්ථානය ලෙස මෙය බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. උඳුවප් පොහෝ දින සිට වෙසක් පුන් පොහෝ දින දක්වා සිරිපා කරුණා සමය ඇරඹෙන අතර ඊට ම ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර හා වත් පිළිවෙත් 
ඒ හා සම්බන්ධව පවතී. 
 සබරගමුව පළාතේ පුරාවිද්‍යාත්මක හා ආගමික වටිනාකමින් යුත් පූජනීය සිද්ධස්ථානයක් ලෙසට රත්නපුර මහ සමන් දේවාලය හැඳින්විය හැකි ය. දේවාලය රත්නපුර නගර මධ්‍යට ආසන්නයේ පිහිටා ඇත. පුරාවෘත්තවල සඳහන් පරිදි සමන් දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි: ව: 1236-1270 අතර කාල වකවානුවේ දෙවන පරාක්‍රමබාහු රජු විසිනි. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ලෙස මාහියන්ගම රාජකීය විහාරය, සංඛපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය, බෙලිගල විහාරය, දැඩිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය, නිකපිටිය පොතුගල විහාරය, අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළු ලෙන ආදී ස්ථාන මෙම පළාතට එක් කර ඇත්තේ මහත් තේජසකි.



මව්බිමේ අභිමානවත් සබරගමු පුරවරය



මව්බිමේ අභිමානවත් සබරගමු පුරවරය


කඳු  බෑවුම් ලෙන් ගුහා දියඇළි සහ මහ ඝන වනාන්තරවලින් යුත් රමණීය භූමි ප්‍රදේශයක් ලෙසට සබරගමුව පළාත හැඳින්විය හැකි ය. ශබර නම් වූ සංස්කෘත වචනයෙන් සබර යන නම බිඳී ඇති අතර සබරුන් බහුලව විසූ පෙදෙස සබරගමුව ලෙස අරුත් උපන් බව ජන ශ්‍රැතියේ දැක්වේ. ස්වභාව සෞන්දර්යයෙන් මෙන් ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම පුරවරය ලංකාවේ ප්‍රෞඪ අභිමානය ලොවට කියාපාන තෝතැන්නකි.
    ආදි මානවයාගේ නිජ බිම
ඓතිහාසික පසුබිම විමසා බලන කල ශතවර්ෂ ගණනක ඇත අතීතයකට සබරගමුව පළාත උරුමකම් කියයි. එනම් ආදි මානවයා විසූ බවට හඳුනාගත් පුරා විද්‍යාත්මක සාධක රැසක් මෙම පළාතෙන් සොයා ගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට බටදොඹ ලෙන, බටතොට ලෙන, දහයියා ලෙන, අයගම අවරගිරියේ මානෙල් ලෙන, කලවාන කැකුලේගම නෙරවනගල් ලෙන, කැකුල ගල් ලෙන, උඩවලවේ බෙල්ලන් බැඳි පැලැස්ස, බළන්ගොඩ තංජන්තැන්න, හා සඳගිරිය ආදී වූ ප්‍රාග් ඓතිහාසික ලෙන් හා ගුහා ප්‍රධාන තැනක් ගනී. එමෙන් ම සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ආදි මානවයා විසු බව පුරාවිද්‍යා කැනීම් මගින් සොයා ගෙන ඇත. කිතුල්ගල බෙලිලෙන, කෑගල්ලේ අත්තනගොඩ අළුලෙන, වරකපොළ දොරවක්කන්ද ගල්ලෙන, රඹුක්කන පදවිගම්පොල ගල්මැස්ස ආදිය ඊට සාක්ෂ්‍ය දරයි.
ලංකාවේ ප්‍රථමවරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක් සොයාගෙන ඇත්තේ ද රත්නපුර වේවැල්වත්තේ අළුපොළ වතුයායේ බෙලිගල්ගේ නැමැති ගල්ගුහාවෙනි. එහි දී මිනිස් ඇටසැකිල්ලක් හා වෙනත් අවශේෂ හමු වී ඇත. එමෙන් ම ආදි මානවයා විසින් අඳින ලද පනහකට නොඅඩු ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වරකපොලට අයත් දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එපමණක් නොව ප්‍රාග් ඓතිහාසික මානවයා තනන ලද ආදි කල්පිත ගල් මේසයක් ප්‍රථමවරට සොයා ගැනෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශයෙනි.


     බැතිමතුන්ගේ වන්දනීය පුදබිම
ශ්‍රී පාදස්ථානය සබරගමුවේ මෙන් ම මුළු මහත් ශ්‍රී ලංකාවේ ම සුවිශේෂි සලකුණක් ලෙස හැදින්විය හැකි ය. බුදු සිරිපා පහස ලද සමනොළ ගිරි හිස දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් බවට පත් ව ඇත. සුමන සමන් දිව්‍ය රාජයාගෙන් ලද ආරාධන‍යෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කළ ස්ථානය ලෙස මෙය බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. උඳුවප් පොහෝ දින සිට වෙසක් පුන් පොහෝ දින දක්වා සිරිපා කරුණා සමය ඇරඹෙන අතර ඊට ම ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර හා වත් පිළිවෙත් 
ඒ හා සම්බන්ධව පවතී.
සබරගමුව පළාතේ පුරාවිද්‍යාත්මක හා ආගමික වටිනාකමින් යුත් පූජනීය සිද්ධස්ථානයක් ලෙසට රත්නපුර මහ සමන් දේවාලය හැඳින්විය හැකි ය. දේවාලය රත්නපුර නගර මධ්‍යට ආසන්නයේ පිහිටා ඇත. පුරාවෘත්තවල සඳහන් පරිදි සමන් දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි: ව: 1236-1270 අතර කාල වකවානුවේ දෙවන පරාක්‍රමබාහු රජු විසිනි. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ලෙස මාහියන්ගම රාජකීය විහාරය, සංඛපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර දැඩිමණ්ඩි දේවාලය, බෙලිගල විහාරය, දැඩිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය, නිකපිටිය පොතුගල විහාරය, අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළු ලෙන ආදී ස්ථාන මෙම පළාතට එක් කර ඇත්තේ මහත් තේජසකි.


චින්තනය  වින්දනයෙන් දකින සචින්තනා 

ජීවිතය පිලිබඳ අරුත්බර සිතුවිලි පැනනගින්නේ ජීවිතය සුන්දරව අත්  විඳින විටය. එම සුන්දරත්වය බාහිර සමාජය දකින්නේ ඒවා අන් අය සමග බෙදා හදාගන්නා විටය. තමා සතු දැනුම හැකීයාවන් හා දක්ෂතා එළි පෙහෙළි කරමින් අරුත්බර ලෙස ජීවිතය දකින ඈ ප්‍රභානි සචින්තනා මන්ත්රීරත්න ය .ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තෙවන වසර අධ්‍යයන කටයුතු හදාරන ඇයව විශ්වවිද්‍යාලයේ කව්රුත් හඳුනන්නේ සචී යන නමිනි .
සෙංකඩගලට උරුමකම් කියන සචින්තනාගේ උපන් ගම වටගොඩ හාරිස්පත්තුව වන අතර වර්තමානයේ පදිංචිව සිටින්නේ පිළිමතලාවේ ය. පියා රන්ජිත් මන්ත්‍රීරත්න පශු සම්පත් සංවර්ධන නිලධාරියෙකු වන අතර මව මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියකි. එකම සහෝදරයා මෙවර සාමාන්‍ය  පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.



මහනුවර උසස් බාලිකාව ඇගේ ජීවිතයේ විවිධාකාර දක්ෂතා ඔප්නංවූ තෝතැන්න යි. සචින්තනා ඉගෙනුමට මෙන් ම ක්‍රීඩාව සහ කලා අංශවලින් කැපී පෙනෙන ශිෂ්‍යාවක ලෙස ඉදිරියට පැමිණ සිටියා ය. පිහිනුම් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවන්ට යොමු වූ ඇය පිහිනුම් අංශයෙන් සෑම වසරක ම දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය ජනාධිපති බාලදක්ෂිකාවක වූ මැය ශිෂ්‍යභට බාලිකාවක ලෙස ද කටයුතු කිරීමේ දී අවසන් වසරේ දී සාජන්ට්වරිය ලෙස ද කටයුතු කළා ය. වසර දෙකක් පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස ද කටයුතු කළ ඇයගේ නායකත්ව ගති ලක්ෂණ බොහෝ අවස්ථාවල දී කැපී පෙනේ.
 

විවිධ සමිති සමාගම්වල තනතුරු හෙබවූ මැය ඒවායින් ද ලද අත්දැකීම් බොහෝ ය. පාසලේ කලා සංගමයේ සහ සමාජ විද්‍යා සංගමයේ සභාපති ධුර හෙබවූ අතර යුනෙස්කෝ සංගමයේ සහ තරුණ ව්‍යවසාක සංගමයේ ද සාමාජිකාවක වූවා ය. පාසලේ බටහිර තූරය වාදක කණ්ඩායමේ සාමාජිකාවක වීම ඇගේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය ඩ්‍රම්ස් වාදනයෙන් ඉදිරියට යාමට ඇයට ශක්තිය ලැබුණේ එම නිසා ය. මේ පිළිබඳ පැවැසීමේ දී ඇය  බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පුහුණුකරු ප්‍රදීප් වීරක්කොඩි මහතා ගෞරවයෙන් සිහිපත් කළා ය. 

සාහිත්‍ය කලාවට ලැදි සචින්තනා කලා අංශයෙන් උසස් පෙළ හදරූ අතර ඉංග්‍රීසි සාහිත්‍යය සිංහල සහ ඉතිහාසය යන විෂයයන් හදාරුවා ය මීට අමතරව ඇය ප්‍රංශ භාෂාව ද පෞද්ගලික ව හදාරා තිබේ. 2011 වසරේ දී උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබූ ඇය ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයට පැමිණියා ය. පෙර සඳහන් කළ පරිදි ඇය ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ලෙස කැපී පෙනෙන්නට සරසවියේ දී ද හැකි වූයේ ඇය පාසලේ දී ලද මූලික අඩිතාලම නිසා ය.ඉංග්‍රීසි සාහිත්‍යය ප්‍රධාන විෂයය ලෙස හදාරන ඇය සිංහල භාෂාව අනු විෂයය ලෙස තොරාගත්තා ය. නිර්මාණශීලී රචනයට උපන් හපන්කම් ඇති ඇය  සිංහල කෙටිකතා රචනයේ ද යෙදෙයි.  
2015 වසරේ පැවති පීඨ කලා උළෙලේ කෙටිකතා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇයට හැකි විය. මීට අමතරව ඇය පරිවර්තන අංශය කෙරෙහි ද යොමු වී තිබේ.

 සමාජීය විද්‍යා හා භාෂා පීඨ වාද්‍ය කණ්ඩායමේ නායිකාව වීම තුළ ඇගේ ඩ්‍රම්ස් වාදන හැකියාව තව තවත් විදහා දක්වන්නට හැකියාව ලැබිණි. එහි ප්‍රථම ප්‍රසංගය වන මියැසි රාව ප්‍රසංගයේ ආරම්භක නායිකාව ඇය වීම විශේෂතත්වයකි විශ්වවිද්‍යාල පිහිනුම් කණ්ඩායමේ ද නායිකාව වන ඇය අන්තර් පීඨ පිහිනුම් තරඟයෙන් දක්ෂතම පිහිනුම් ශුරිය වෙමින් සිය දස්කම් විදහා පැවා ය. වසරක් පාසා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟයට සහභාගී වෙමින් සිය සරසවි මාතාවට ගෞරවයක් ගෙන දුන්නා ය පීඨයේ සිංහල සංගමයේ සංස්කාරක, පීඨ සඟරාවේ සහ විශ්වවිද්‍යාල ප්‍රධාන කලා කේන්ද්‍රයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කරන මැය සිය අධ්‍යාපන කටයුතු ද මැනවින් සිදුකරයි.විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා අතර ඉතා සුහදශීලී චරිතයක් වන මැය නිදහස්ව ජීවිතය විඳින්නට කැමැති තැනැත්තියකි පොත්පත් කියවීමට වැදී රුචියක් දක්වන සචින්තනා එමගින් ලබන දැනුම සිය ලේඛන  කලාවට මෙන් ම ජීවිතයට ද එකතු කර ගත්තා ය ලේඛනය සහ භාෂා අංශයෙන් ඉදිරියට යැම ඇගේ බලපොරෝය්තුව යි.

විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා අතර කාන්තාවක වශයෙන් ඇය අභියෝගාත්මක කාන්තා චරිතයකි. ලොවින් එකෙක් එක දෙයකට වෙයි  සමත යන කියමන සචින්තනා විසින් අභියෝගයට ලක් කර ඇති බව නම් නිසකැ ය.
හසිතා අනුරුද්ධි බණ්ඩාර
(එච් .එම්. එච්.. බණ්ඩාර)
11/ SL/ 05