කඳු බෑවුම් ලෙන් ගුහා දියඇළි සහ මහ ඝන වනාන්තරවලින් යුත් රමණීය භූමි ප්‍රදේශයක් ලෙසට සබරගමුව පළාත හැඳින්විය හැකි ය. ශබර නම් වූ සංස්කෘත වචනයෙන් සබර යන නම බිඳී ඇති අතර සබරුන් බහුල ව විසූ පෙදෙස සබරගමුව ලෙස අරුත් උපන් බව ජන ශ්‍රැතියේ දැක්වේ. ස්වභාව සෞන්දර්යයෙන් මෙන් ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම පුරවරය ලංකාවේ ප්‍රෞඪ අභිමානය ලොවට කියාපාන තෝතැන්නකි.
ඓතිහාසික
පසුබිම විමසා බලන කල ශතවර්ෂ ගණනක ඇත අතීතයකට සබරගමුව පළාත උරුමකම් කියයි. එනම් ආදි
මානවයා විසූ බවට හඳුනාගත් පුරා විද්‍යාත්මක සාධක රැසක් මෙම පළාතෙන් සොයා ගෙන ඇත. රත්නපුර
දිස්ත්‍රික්කයේ කුරුවිට බටදොඹ ලෙන, බටතොට ලෙන, දහයියා ලෙන, අයගම අවරගිරියේ
මානෙල් ලෙන, කලවාන කැකුලේගම නෙරවනගල් ලෙන, කැකුල ගල් ලෙන, උඩවලවේ බෙල්ලන් බැඳි පැලැස්ස,
බළන්ගොඩ තංජන්තැන්න, හා සඳගිරිය ආදී වූ ප්‍රාග් ඓතිහාසික ලෙන් හා ගුහා ප්‍රධාන
තැනක් ගනී.
එමෙන් ම සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ආදි මානවයා විසු බව පුරාවිද්‍යා කැනීම් මගින් සොයා ගෙන ඇත. කිතුල්ගල බෙලිලෙන, කෑගල්ලේ අත්තනගොඩ අළුලෙන, වරකපොළ දොරවක්කන්ද ගල්ලෙන, රඹුක්කන පදවිගම්පොල ගල්මැස්ස ආදිය ඊට සාක්ෂ්‍ය දරයි.
ලංකාවේ ප්‍රථමවරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක් සොයාගෙන ඇත්තේ ද රත්නපුර වේවැල්වත්තේ අළුපොළ වතුයායේ බෙලිගල්ගේ නැමැති ගල්ගුහාවෙනි. එහි දී මිනිස් ඇටසැකිල්ලක් හා වෙනත් අවශේෂ හමු වී ඇත. එමෙන් ම ආදි මානවයා විසින් අඳින ලද පනහකට නොඅඩු ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වරකපොලට අයත් දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එපමණක් නොව ප්‍රාග් ඓතිහාසික මානවයා තනන ලද ආදි කල්පිත ගල් මේසයක් ප්‍රථමවරට සොයා ගැනෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශයෙනි.

බැතිමතුන්ගේ
වන්දනීය පුදබිම

ඒ හා සම්බන්ධව පවතී.
සබරගමුව පළාතේ
පුරාවිද්‍යාත්මක හා ආගමික වටිනාකමින් යුත් පූජනීය සිද්ධස්ථානයක් ලෙසට රත්නපුර මහ
සමන් දේවාලය හැඳින්විය හැකි ය. දේවාලය රත්නපුර නගර මධ්‍යට ආසන්නයේ පිහිටා ඇත.
පුරාවෘත්තවල සඳහන් පරිදි සමන් දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි: ව: 1236-1270 අතර කාල
වකවානුවේ දෙවන පරාක්‍රමබාහු රජු විසිනි. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන
ලෙස මාහියන්ගම රාජකීය විහාරය, සංඛපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර
දැඩිමුණ්ඩ දේවාලය, බෙලිගල විහාරය, දැඩිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය,
නිකපිටිය පොතුගල විහාරය, අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළු ලෙන ආදී
ස්ථාන මෙම පළාතට එක් කර ඇත්තේ මහත් තේජසකි.
මිණිපුර අගය
මිණිපුර අගය
මව්බිමේ අභිමානය ලොවට කියාපාමින් අමිල මිණි සම්පතට ද සබරගමුව උරුමකම් කියන්නේ එහි අගය තවත් ඔප්නංවමිනි. රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත, බළන්ගොඩ, ආදී ප්‍රදේශවල මැණික් කර්මාන්තය බහුලව සිදු කෙරෙන අතර ඉල්ලම් හෑරීම, මැණික් ගැරීම, මැණික් කැපීම, ඔප මට්ටම් කිරීම හා මැණික් යොදා ආභරණ ආදිය තැනීම ද සිදු කරයි.
සබරගමු සොබාසිරි

බමරකන්ද, සුරතලී ඇල්ල, දූවිලි ඇල්ල, බෝපත් ඇල්ල රන්මුදු ඇල්ල, කටුගස් ඇල්ල, කිරිඳි ඇල්ල, පහන් තුඩාව ආදී වූ මනහර දියඇලි ගිරි ශිඛර මතින් ඇද හැලෙමින් මෙම පළාතට ගෙනෙන්නේ චිත්තාකර්ශනීය දසුනකි.
එපමණක් නොව මනහර ගමනින් ඇදී යන වළවේ ගඟ, කළු ගඟ, හිරිකටුඔය, බෙලිහුල්ඔයආදි වූ ගංගා ද මෙම පළාතේ ඇති සුන්දරත්වය මොනවට කියාපායි. ආදි වූ ස්වභාවික ස්ථාන මෙන් ම සමනල වැව ආදි ව්‍යාපෘති ද මෙම පළාතට වටිනාකමක් එක් කර ඇත.
අහස් කුස සිසාරා දිවෙන නීල කඳු පන්ති සබරගමු පළාතට උරුම වූ භූ විෂමතා ලක්ෂණයක් වන අතර සමනොළ කන්ද ඉන් වැදගත් ස්ථානයක් හිමි කර ගනී. බෞද්ධයන්ගේ නොමද පුද සත්කාර ලබන මෙය ස්වභාව සෞන්දර්යයෙන් අනූන රක්ෂිත වන අඩවියකි. මහවැලි, කැළණි, කළු, වළවේ ආදී වූ ගංගාවන්ට උපත දෙන ජල උල්පත්වල ආරම්භය වන්නේ ද මෙම සමනොළ කඳු සිරසයි.
ඓතිහාසික, ආගමික, පුරා විද්‍යාත්මක හා ස්වභාව සෞන්දර්යාත්මක ආදි වූ සකල අංග ලක්ෂණයෙන් යුත් පුණ්‍ය භූමියක් ලෙසට සබරගමුව පළාත හැඳින්විය හැකි අතර බුදු සිරිපා පහසත්, සුමන සමන් දෙවි රැකවරණත් ලද මේ පින් බිම මුළු දිවයිනට ම පමණක් නොව මුළු මහත් ලෝ තලයට ම අමිල වු මිණි කැටයක් බව කාටත් නොරහසකි.
සමනල වැව
උමේෂා මධුමාලි
11/sl/156
No comments:
Post a Comment