චින්තනය වින්දනයෙන් දකින සචින්තනා
ජීවිතය පිලිබඳ අරුත්බර සිතුවිලි පැනනගින්නේ ජීවිතය
සුන්දරව අත් විඳින විටය. එම සුන්දරත්වය බාහිර
සමාජය දකින්නේ ඒවා අන් අය සමග බෙදා හදාගන්නා විටය. තමා සතු
දැනුම හැකීයාවන් හා දක්ෂතා එළි පෙහෙළි කරමින් අරුත්බර ලෙස ජීවිතය දකින ඈ ප්‍රභානි සචින්තනා
මන්ත්රීරත්න ය .ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තෙවන
වසර අධ්‍යයන කටයුතු හදාරන ඇයව විශ්වවිද්‍යාලයේ කව්රුත් හඳුනන්නේ සචී යන නමිනි .
සෙංකඩගලට උරුමකම් කියන සචින්තනාගේ උපන් ගම
වටගොඩ හාරිස්පත්තුව වන අතර වර්තමානයේ පදිංචිව සිටින්නේ පිළිමතලාවේ ය. පියා රන්ජිත්
මන්ත්‍රීරත්න පශු සම්පත් සංවර්ධන නිලධාරියෙකු වන අතර මව මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ
ඉංග්‍රීසි ගුරුවරියකි. එකම සහෝදරයා මෙවර සාමාන්‍ය
පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.
මහනුවර
උසස් බාලිකාව
ඇගේ ජීවිතයේ විවිධාකාර දක්ෂතා ඔප්නංවූ තෝතැන්න යි. සචින්තනා ඉගෙනුමට මෙන් ම ක්‍රීඩාව
සහ කලා අංශවලින් කැපී පෙනෙන ශිෂ්‍යාවක ලෙස
ඉදිරියට පැමිණ සිටියා ය.
පිහිනුම්
සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවන්ට
යොමු
වූ ඇය පිහිනුම් අංශයෙන් සෑම වසරක ම දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය ජනාධිපති
බාලදක්ෂිකාවක
වූ
මැය ශිෂ්‍යභට බාලිකාවක ලෙස ද කටයුතු කිරීමේ දී අවසන් වසරේ දී සාජන්ට්වරිය ලෙස ද කටයුතු කළා ය. වසර දෙකක්
පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස ද කටයුතු කළ ඇයගේ නායකත්ව ගති ලක්ෂණ බොහෝ
අවස්ථාවල දී කැපී පෙනේ.
සාහිත්‍ය කලාවට ලැදි සචින්තනා කලා
අංශයෙන් උසස් පෙළ හදරූ අතර ඉංග්‍රීසි සාහිත්‍යය සිංහල සහ ඉතිහාසය යන විෂයයන් හදාරුවා
ය මීට අමතරව ඇය ප්‍රංශ භාෂාව ද පෞද්ගලික ව හදාරා තිබේ. 2011 වසරේ දී උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබූ
ඇය ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයට පැමිණියා ය. පෙර සඳහන්
කළ පරිදි ඇය ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ලෙස කැපී පෙනෙන්නට සරසවියේ දී ද හැකි වූයේ ඇය
පාසලේ දී ලද මූලික අඩිතාලම නිසා ය.ඉංග්‍රීසි සාහිත්‍යය ප්‍රධාන විෂයය ලෙස හදාරන
ඇය සිංහල භාෂාව අනු විෂයය ලෙස තොරාගත්තා ය. නිර්මාණශීලී
රචනයට උපන් හපන්කම් ඇති ඇය සිංහල කෙටිකතා රචනයේ ද යෙදෙයි.
2015 වසරේ පැවති පීඨ කලා උළෙලේ කෙටිකතා අංශයෙන් ප්‍රථම ස්ථානය
දිනා ගැනීමට ඇයට හැකි විය. මීට අමතරව ඇය පරිවර්තන අංශය කෙරෙහි
ද යොමු වී තිබේ.
විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා අතර කාන්තාවක
වශයෙන් ඇය අභියෝගාත්මක කාන්තා චරිතයකි. ලොවින්
එකෙක් එක දෙයකට වෙයි සමත යන කියමන සචින්තනා
විසින් අභියෝගයට ලක් කර ඇති බව නම් නිසකැ ය.
හසිතා අනුරුද්ධි බණ්ඩාර
(එච් .එම්. එච්. ඒ. බණ්ඩාර)
11/ SL/ 05
No comments:
Post a Comment