Saturday, July 23, 2016

සොඳුරු හිතැත්ති. . . . .





  ප්ත ස්වරයේ නාදය කෙතරම් මිහිරි දඑලෙසම තම ජීවිතයේ අරුත විදින්නට වෙර දරන ඈ නමින් ඩී.එම්. ජානකී දිල්රුක්ෂී වන්නී ය. කෑගල්ල දිස්ත්‍රීක්කයේ යටියන්තොට ගමේ උපන් ඈ ඩී.එම්. ගුණරත්න පියාණන්ගේ සහ ඩී.එම්.නාලිනී පද්මලතා මෑණියන්ගේ දෙටු දියණිය යි. ජානකීගේ පියා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන අතර මව ගෘහණියකි. වැඩිමහල් සහ බාල සහෝදරියන් දෙදෙනාගේ ආදරය හිමි ඈ කුඩා කල සිට ම කලාවට ලැදි වූවා ය.
 
 දෙහිඕවිට මලල්පොල මහ විද්‍යාලයේ සිප් සතර හැදෑරු ඈ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවා ය. ගුරු දෙගුරුන්ගේ නොමැද ආදරය මැද තම අධ්‍යාපන කටයුතු මෙන්ම අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලින් දස්කම් පෑහ. කලාව කෙරෙහි තිබූ ලැදියාව නිසා ම පාසලේ දී සංගීතය විෂය හදාරන ලද ඈ සංගීත අංශයෙන් දස්කම් පෙන්වීය.  ඇය ජනගායනා තරවලින් ජයග්‍රහණ දිනා ගත්තාය.  වයලීනය වාදනයට ප්‍රිය කල ජානකී පාසල් සංගීත කණ්ඩායමේ වයලීන් වාදන ශිල්පිනියකි.  නර්තන තරඟවලට ද තම වාදනයෙන් දස්කම් දැක්වූ ජානකී ක්‍රීඩාවන් කෙරෙහි ද කෞෂල්‍යයක් දැක්වූවා ය. නෙට්බෝල්වොලිබෝල්යගුලිය දැමීමහෙල්ල විසිකිරීමකවපෙත්ත විසිකිරීම ආදී ක්‍රීඩා ඉසව්වලින් දක්ෂතාව විදහා දැක්වූ ඇය පාසල් ජීවිතයේ සුන්දරත්වය වින්දනය කළා ය.  සාහිත්‍යයට ද ඇලුම් කළ ඕ රචනා ලිවීමකවි නිර්මාණය ආදී නිර්මාණාත්මක සාහිත්‍ය කලාවන්ගෙන් තම සාහිත්‍ය හැකියාව පෝෂණය කර ගත්තා ය.  පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ ජානකී ශිෂ්‍ය නායිකාවක් සහ කාව්‍ය සංගමයේ ලේකම් ලෙස තනතුරු හොබවන ලදී.  ගුණවත්කමසිරිත් විරීත්සාරධර්ම ඇගේ ජීවිතයට  එක්කර ගැනීමට මලල්පොල ශ්‍රී ශෛලතලාරාම දහම් පාසල රුකුලක් වූ බව නම් නිසැක ය. දහම් දැනුම තරඟවලින් ඉදිරියට ගිය ජානකී ධර්මාචාර්ය විභාගය ද සමත් ය.

2011 වසරේ දී  අ. පො. ස. උසස් පෙළ විභාගය සඳහා කලා අංශයෙන් සිංහලබෞද්ධ ශිෂ්ටාචාරයඉතිහාසය යන විෂයන් හදාරා ඉතා උසස් ලෙස සමත් වී සරසවි වරම් ලබා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට තේරී පත් විය. වසර 40 ක පාසල් ඉතිහාසය තුළ පළමු වරට සරසවි වරම් ලබාගත් ප්‍රථම ශිෂ්‍යාව ලෙස තම විදු මෑණියන්ට අභිමානයක් එක් කර  නොමැකෙන මතක සටහන් තබන්නට ඇයට හැකි වූයේ පාසල් ජීවිතයෙන් ලද පන්නරය නිසා ම ය.


 දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තෙ වන වසර ඉගෙනුම ලබන ජානකී කා අතරත් ජනප්‍රිය චරිතයකි. ඇගේ කෙළිලොල් සිනහවත් කා සමඟත් දක්වන සුහඳශීලිත්වයත් නිසා ම සරසවි ජීවිතය ද ඇයට සොදුරු මතකයන් එක් කරනු නොඅනුමානය.  පාසල් කාලයේ සිට සාහිත්‍යට තිබූ රුචිකත්වය නිසා ම ඇය මේ වනවිට සිංහල විශේෂවේදී උපාධි පාඨමාලාව හදාරන අතර තම අනු විෂය ලෙස චීන භාෂාව හදාරයි.  විශ්වවිද්‍යාලය තුළ සිංහල භාෂා සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරයි.  සාහිත්‍යට ඇලුම් කරන ඇය නවකතාවට වැඩි රුචිකත්වයක් දක්වන අතර ඒ හැර පරිවර්තනකෙටිකතා ආදී සාහිත්‍ය කලාවන්ගේ ඇසුර ලබන්නී ය.



 “මගේ අනාගත බලාපොරොත්තුව දිසාපති කෙනෙක් වෙන්න. ඒක මගේ පුංචි කාලෙ ඉදල ම තිබුණ හීනයක්.  මගේ අරමුණ නීති විරෝධී වැඩවලින් මිදුන යහපත් සමාජයක් බිහි කිරීම යි.  මං හිතනවා ඒකට මට සිංහල විෂය ලොකු උදව්වක්  වෙයි කියලා.”

කලාව මිනිසත්කම හදුනන සොදුරු මිනිසෙකු බිහි කරයි. යහපත් චේතනාවන් කෙදිනක හෝ ඉටුවෙනවා සේම උත්සහයඋනන්දුවකැපවීම ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙයි.  සයුරේ රළ හැඩ වන්නේ ගල්පර මත හැපී කැළඹී වෙරළට එන විටයි.  අපගේ ජීවිතය ද එලෙස ම යි. ‘කොපමණ ගල් බොරලු තිබුනත් අතරමඟ යා යුතු තැනට යා යුතුමය ගලන ගඟ යන කියමන පසක් කරමින් තම ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ජීවිත යාත්‍රාවේ ඉදිරිය බලා ගමන් කරන ජානකී සැබැවින්ම සොදුරු මුවැත්තියකිහිතැත්නියකි. 


අාදර කන්ද
සටහන - මේනකා රත්නායක

Friday, July 22, 2016

දහස් ගණන් දරුවන් වෙත ප්‍රිය හසරැල් පූදන්නී





පෙරපාසලේ පුංචිම දරුවාගේ සිට සරසවියේ තාරුණ්‍යයේ සිටින දරුවා දක්වා අවබෝධයෙන් ගුරුහරුකම් දිය හැකි ඇය සැබෑ ම ඇදුරුතුමියක් ව මේ මොහොතේ ද අනාගත පරපුරට අගනා මැණික් ඔපමට්ටම් කරමින් සිටී.
දකින කිනම් මොහොතක වුව ඇයට ම ආවේනික මුව පුරා පිරි ප්‍රිය මනාප අව්‍යාජ සිනහවක් රඳන්නි ඇය නමින් ප්‍රියංකා වීරසේකර වේ.  1970 නොවැම්බර් මස 11 වැනි දින; ඇය වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුට ආදරණිය නැගණිය වී උපන්නා ය. 

1981 දුරුතු මස 30වෙනි දින ලාංකේය ළමා ගී සාහිත්‍යයට නවමු අරුණැල්ලක පහස දැනිණ. ඒ එදින ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ඒකපුද්ගල ගායන ප්‍රසංගය “අරුණළු” ලෙසින් දොරට වැඩිණ.  ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂක රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන්  සත්සර මැවූ එහි පුංචි කෝකිලාවිය ඇය විය.

වයස අවුරුදු පහක පුංචි දැරියකව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන්වල ගී ගැයූ ඇයව  බොහෝ ලංකිකයන් අදටත් හඳුනන්නේ  ළමා ගයන ශිල්පිනියක් ලෙසිනි. ගුවන්විදුලි සංස්ථාවේ “හඳ  මාම”, “මල් කියන්නේ කාට කාට” වැනි ළමා වැඩසටහන්වලට ද අනතුරුව ජාතික රුපවාහිනියේ ළමා වැඩසටහන්වලට ද දායක වීමට ඇයට අවස්ථාව ලැබිණ. 

ළමා ගායිකාවකව සිටිය දී දෙමාපිය අනුදැනුම මත ඇය ගායනය පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වේ. ඒ අනුව වික්ටර් පෙරේරා යටතේ සංගීතය හදෑරීම ආරම්භ  කරයි. උත්තර භාරතීය රාගධාරී   සංගීතය උගෙන එවකට විශාරධ උපාධිය ලද  ළාබාල ම ශිල්පිනිය වන්නේ ද ඇය යි. 

පාසලේ ක්‍රියාශීලී සිසුවියකව සිටී ඇය නර්තනය, ගායනය, වාදනය, ආදී සෞන්දර්ය කටයුතු මෙන් ම ක්‍රීඩාවට ද  ද ඇලුම් කළ තැනැත්තියකි. ඇය පාසලේ දී  විෂයක් ලෙස නර්තනය  හැදැරී ය. ඊට අමතරව ජාතික නර්තන තරඟ විභාගයේ අවසාන මට්ටම දක්වා ම සම්පූර්ණ කළ ඇය  නර්තනය පිළිබඳ ඇති සහජ දක්ෂතා පිළිබිඹු කරමින් උඩරට නර්තන ශිල්පිනියක් ලෙස කළ එළි බසී.කලා අංශයෙන් උසස්පෙළ හදාරා කැළණි විශ්වවිද්‍යාලයට පිවිසෙන ඇය ප්‍රථම වසර ඉහළ සාමාර්ථ ලැබීමත් සමග ශිෂ්‍යත්වයක් ලබා භාරතය බලා පිටත් වේ.එහි දී  ඇය හින්දි භාෂාව හා සාහිත්‍ය පිළිබඳව ප්‍රයෝගික අධ්‍යයනයක නියැලිණි. ප්‍රධාන විෂය ලෙසින් සිංහල විෂය හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් සමගින් ඉහළ දක්‍ෂතා දක්වා රන්පදක්කමට ද හිමිකම් කීය. උත්තර භාරතීය ජන නාටක පිළිබඳ අධ්‍යයනය කරමින්  ඇය තම උපාධි නිබන්දනය “උත්තර භාරතීය ජන නාටක  නමින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කරයි.  
  
        කලා විෂයන්ට මහත් ඇළුම්කම් දැක්වූ ඇය සංස්කෘතික අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙසින් “අරුණලු” කලායතනය ආරම්භ කළේ ය. මෙ මගින් ගුරු වෘත්තිය උදෙසා අවශ්‍ය පදනම ඇය විසින් ම සකසා ගන්නේ ස්වකීය දැනුම තවත් පරපුරකට ඉගැන්වීමට තිබූ කැමැත්ත නිසාම ය. 

උපාධිය නිමවා කලාවට ම හිත ගිය ඇය රූපවහිනී නිවේදිකාවක් ව ප්‍රේක්‍ෂකයා අතරට පැමිණේ. ජාතික රුපවාහිනියේ “ශනිදා ආයුබෝවන්” සහ ළමා වැඩසටහන් රාශියක නිවේ දිකාවක් ලෙස තම දක්ෂතා විදහා දැක්වී ය.

1999 දී සබරගමු විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස සේවයට එක් වේ. විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ ඇය 2000 වර්ෂයේදී කථිකාචාර්යවරියක් ලෙස ස්ථිර වන්නේ සිංහල විෂය ඉගැන්වීම උදෙසා ය.

කථිකාචාර්යවරියක්ව සිටිය ද තම නිසඟ කලා හැකියාවන් නිසා ම සබරගමු සරසවියේ බොහෝ කලා කටයුතු උදෙසා තම දායකත්වය නොමදව ලබා දේ. “යුග සරණිය”  වැනි වැඩසටහන් ඊට නිදසුන් සපය යි. 

ඇය 2004 වර්ෂයේදී ශාස්ත්‍රපති  උපාධිය  සඳහා ශිෂ්‍යත්වයක් ලබා උතුරු ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුලත් වේ. 

2014 වර්ෂයේ දී සබරගමු විශ්වවිද්‍යාලයෙන්  ආචාර්ය උපාධිය ලබා ගන්න ඇය ආදිවාසී භාෂා පිළිබඳ වාග් විද්‍යාත්මක කියවීමක නිරත වේ. ඒ පිළිබඳ මේ වන විට පර්යේෂණ පත්‍රිකා බොහෝමයක් ඉදිරිපත් කර ඇති අතර නුදුරේ දී ම ඒවා ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද  බලාපොරොත්තුවෙන් සිටී. 

සෞන්දර්යාත්මක මෘදු විෂයන් හා ගණුදෙනු කළ ඇය පරිපාලන කටයුතු උදෙසා ද හැකියාව ඇති තැනැත්තියකි . ඒ අනුව ඇය 2014 වර්ෂයේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශ ප්‍රධානි තනතුරට පත් වේ. එත් සමග බොහෝ කාර්යබහුල ඇය ඉගැන්වීම් කටයුතු , පරිපාලන කටයුතු, කලායතනයේ කටයුතු, සහ බොහෝ සේවාවන් ඉටුකරමින් සිටී. 

ටවර්හෝල් පදනමේ රංගන ශිල්පියෙකු වූ තම සීයාත්, තමන්ට ගීත රචනා කළ තම ආදරණිය මවත්, නාවික හමුදා තුර්ය වාදක කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන තම වැඩිමහල් සහෝදරයත්, පමණක් නොව ගායනයේ සහ වාදනයේ හැකියාව උපතින් රැගෙන ආ තම ආදරණිය පුතුත් නිසා කලාවේ සජීවී සහෘද සාමාජිකාවක් වන ඇයගේ ගීත එකතුවක් ද නුදුරු දිනක දී ගීත ලොවට එකතු වනු ඇත. ලාංකේය බොහෝ දරු පරපුරකට දයාබර ගුරු මෑණියක්  වන ඇය සුභාවිත ගීතයට ඇළුම් කරන රසික පිරිසට ගයන ශිල්පිනියක් ලෙස ද වඩාත් සමීප වනු ඇත.        

 “අධ්‍යනාංශ ප්‍රධානි කියන තනතුරට වඩා ගායන ශිල්පිනි කියන ආදරණිය හැඳින්වීමට මම වැඩියෙන් කැමතියි.”

ඇයගේ මුවින් පිටවුණු මෙ වදන් නුදුරේ දී ම අයගේ සුගායනීය හඬ අසන්නට ලැබෙන බවට ඉඟියකි.

ඇය සමග කළ සුහද හමුවේදී ඇය ජිවිතයේ මෙතෙක් ආ ගමන ගැන මෙසේ වචන එකතු කළේ පුරුදු සිනාව ද කැටි කොට ගනිමිණි .

“කෙනෙකුට කියන්න අමාරුයි තමන් සාර්ථකයි කියල නමුත් මට එහෙම කියන්න පුළුවන්. මම හැම මොහොතක ම සතුටින්. දුෂ්කරතා තිබුණා. අදටත් තියෙනවා. නමුත් මේ වෙනකොට මං තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.”    

කලාකාමී සොඳුරු හිතැත්තී එළඹෙන හැම මොහොතකම ද තවත් බොහෝ දරු පිරිසකට දයාබර ගුරුමෑණියක ව ද බොහෝ රසික පිරිසකට මිහිරි හඬ මවන්නියක ව ද සතුට ම වගා කරනු ඇත.  

සටහන - එල්.ඒ.වයි.හර්ෂණී

දිවි මග මුදු සුවඳ රැනදු - විකසිත පියුමක රුව ගුණ



සුහද සිනහවක මිහිරියාව කෙතරම් ද? එය නැවුම් පියුමක සුන්දරත්වය විහිදුවනු ඇත. එවන් සිනහවක හිමිකාරියක් වන ඇය නමින් නදීෂා පියුමාලි වන්නී ය. 1993 ජනවාරි පළමු වන දා කේ.කරුණාවතී සහ එම්. බී. ප්‍රේමතිලක යන දෙමාපියන්ට දාව පවුලේ බඩ පිස්සිය වී උපන්නා ය.  ආදරණීය සහෝදරියන් දෙ දෙනෙකුගේ සුරතල් නැගණිය විය. බෙන්තොට, වතුරවෙල ඇය හැදී වැඩුණු ආදරණීය ගම් පියසයි. 

පළමු වසරේ සිට උසස්පෙළ දක්වා ම තම පාසල් අධ්‍යාපනය ලද ඇගේ විදු පියස වන්නේ ගාල්ල මිරිස්වත්ත මහා විද්‍යාලය යි. පාසල් අවදියේ දී දක්ෂ ශිෂ්‍යාවක් වුවා සේ ම පාසලේ අමතර ක්‍රියාකාරකම් සඳහා නොමද දායකත්වය ලබා දෙන්නියක ද වුවා ය. ක්‍රීඩා කටයුතු ගීත ගායනය ආදිය මෙන් ම තම නායකත්ව ලක්ෂණ විහිදුවමින් පාසලේ ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කළා ය. ගෘහවිද්‍යා විෂය තරඟ, රචනා තරඟ ආදී කලාප මට්ටමින් පවත්වනු ලබන විෂයානුබද්ධ තරඟ සඳහා ඉදිරිපත් වෙමින් පියුමාලි සිසුවිය තම දක්ෂතා පාසල තුළ විදහා දැක්වී ය.

සෞන්දර්ය විෂයන් අතරින් ගීත ගායනයට, නර්තනයට දක්ෂ ඇය පාසලේ සෞන්දර්ය විෂය ලෙස චිත්‍ර විෂය හැදෑරී ය. පාසල් මට්ටමින් පැවති චිත්‍ර තරඟ සඳහා ඉදිරිපත් වෙමින් ජය ලද ඇය නිහඬ සිත්තරාවියක ද වන වග කිව යුතුම ය. 

2011 වර්ෂයේ දී කලා අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටී ඇය සරසවි වරම් ලබගත්තා ය. ඒ අනුව ඇය 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. විශ්වවිද්‍යාලයේ දී සමාජ විද්‍යාව විෂය ප්‍රධාන විෂය ලෙසත් සිංහල විෂය අනු විෂය ලෙසත් හදාරනු ලබයි. පාසලේ දී මෙන් ම තම නිසඟ කලා හැකියාවන් විශ්වවිද්‍යාල වේදිකාව මත ද විදහා දක්වමින් විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවල දී ගායිකාවක ලෙස ද නර්තන ශිල්පිනියක් ලෙස ද කැපී පෙනෙන්නට විය. 
 
ඉදිරියටත් තම කාලය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැප කිරීමට බලාපොරොත්තු වන ඇය, සමාජ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක් නිසා ම සමාජයෙහි පවතින ගැටළු, සංකීර්ණතා අධ්‍යයනය කිරීමටත් ඒ ඔස්සේ සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර ඉටු කිරීමටත් මහත් උනන්දුවෙන් පසුවන්නී  ය.    
  
සටහන - එල්.ඒ.වයි.හර්ෂණී